දංකොටුවේ කාන්තාවගෙන් කොරෝනා සමාජගතවීමේ අවදානමක්

කොරෝනා ආසාදිත යයි හෙලි වූ කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ උපදේශිකාවක ලෙස කටයුතු කරන ලද මාරවිල ප්‍රදේශයේ කාන්තාව හේතුවෙන් වෛරසය සමාජගත වීමේ යම් අවදාමනමක් ඇතිවී තිබේ.

පුනුරුත්තාපන මධ්‍යස්ථානයේ සිට ඇය පොළොන්නරුව බලා එහි කැබ් රථයකින් පැමිණ ඇති අතර එතැන් සිට කුරුණෑගලට බස් රථයකින් පැමිණ ඇත. කුරුණෑගල සිට මීගමුව බලා යන බස් රථයකින් ඇය දංකොටුවට පැමිණ ඇත. නැවතත් නාත්තන්ඩිය පැමිණ ඇත්තේ තවත් බස් රථයකිනි.

ඇය මුඛ ආවරණයක් පැළඳ ගෙන සිටීම හේතුවෙන් වෛරසය පැතිරයාමේ යම් සීමාවක් ඇති විය හැකි යයි පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු මහත්මිය සඳහන් කරයි.

Related posts

Leave a Comment