දික්ඔය ඇල මාර්ගයේ පිරිමි මල සිරුරක්

දික්ඔය ඇල මාර්ගයේ පිරිමි මල සිරුරක් ඇති බවට ලද දැනුම් දිමක් මත එම මල සිරුර පිලිබදව හැටන් පොලිසිය විසින් පරික්ෂන ආරම්භ කර ඇත.

දික්ඔය ඇල මාර්ගයේ දික්ඔය තේ කර්මාණ්ත ශාලාව අසල 21වන දින 2.30ට පමන මෙම මල සිරුර එම ප්‍රදේශයේ පුද්ගලයකු විසින් දැක ඇති අතර පසුව ඔහු විසින් මේ පිලිබදව හැටන් පොලිසියට දැනුම් දි ඇත.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ 21වන දින දහවල් 2.30 පමන පුද්ගල මල සිරුරක් දික්ඔය ඇල මාර්ගයේ දික්ඔය තේ කර්මාන්ත ශාලාව අසල තිබෙන බවට ලද තොරතුරක් මත එම ස්ථාන පරික්ෂාවට ගිය බවත්ය.

එහිදි එම ඇල මාර්ගයේ පිරිමි මල සිරුරක් තිබෙන අකාරය දුටු බවත්  ඒ පිලිබදව හැටන් මහේස්ත්‍රාත් අධිකරනයට දැනුම්දි මහේස්ත්‍රාත්තුමන් පැමින එම ස්ථාන පරික්ෂාවෙන් පසු මල සිරුර ගොඩ ගෙන වැඩි දුර පරික්ෂන ආරම්භ කිරිමට පියවර ගන්නා බවත්ය.

හැටන් ජේශ්ඨ පොලිස් අධිකාරි විජිතද අල්විස් මහතාගේ උපදෙස් මත හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක පි. ඩබ්ලිව්. එස්. පි. පලිපාන මහතාගේ මෙහෙය විමෙන්  මෙම මල සිරුර පිලිබදව වැඩි දුර පරික්ෂන මෙහෙය වන බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts

Leave a Comment