දික්ඔය නගර සභාවෙන් ආදර්ශමත් කසල ප්‍රතිචක්‍රියකරණ වැඩසටහනක්

හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශය සොභා සෞන්දර්යයෙන් සපිරි, ලස්සන නගරයක් කරමු යන තේමාව යටතේ බැහැර කරන කසල වෙන් කර කසල එකතු කිරිම සදහා නගර සභා සේවකයන් යෙදවිමට හැටන් දික්ඔය නගර සභාව මගින් පියවර ගෙන ඇත.

මේ පිලිබදව අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාපති එස්. බාලචන්ද්‍රන් මහතා පවසන ලද්දේ බැහැර කරන කසල කොටස් තුනකට වෙන් කර නගර සභා සේවකයන් වෙත බාර දිමට පියවර ගන්නා ලෙස අත් පත්‍රිකා මගින් ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරිමට පියවර ගත් බවත්ය.

ඒ අනුව දිරණ කසල, ප්‍රතිචක්‍රියකරණය කල හැකි කසල හා ප්‍රතිචක්‍රියකරණය කල නොහැකි කසල යනුවෙන් වෙන් කර කසල එකතු කිරිම සදහා සතියේ දින වෙන් කර එම කසල ලබා ගැනිමට නගර සභා සේවකයන්ට උපදෙස්දි ඇති බවද ඔහු පවසන ලදි.

ඒ අනුව දිරණ කසල ලෙස මුළුතැන්ගේ එකතුවන කසල, ඉවතලන එලවලු පළතුරු, ඉවතලන කැම, පොල් කුඩු, ඉවතලන මාළු මස්, බිත්තර කටු, ආදිය එකතු කිරිම සතියේ සදුදා, බදාදා, සිකුරාදා යන දිනවලද, ප්‍රතිචක්‍රියකරණය කල හැකි කසල වන කණ්නාඩි කැබලි, වීදුරු බෝතල, කඩදාසි, කාඩ්බෝඩ්, පිරිසිදු පොලිතින්, ප්ලාස්ටික්, ලෝහ, ලෝහ ටින්, පොල් කටු, යෝගට් කප්, ප්ලාස්ටික් බාජන,ආදිය මෙන්න ප්‍රතිචක්‍රියකරණය කල නොහැකි කසල ලෙස හදුන්වන අපිරිසිදු පොලිතින්, ෂැන්පෝ පැකට්, බිස්කට් පැකට් කවර, සෝස් පැකට්, ලැමිනෙටින් කරන ලද කවර, හිස් කිරි පැකට්, ආදිය වෙන් වශයෙන් එකතු කිරිම සතියේ සෙනසුරාදා දිනවලද සිදු කිරිමටද පියවර ගන්නා බවත්ය.

ඒ අනුව නගර සභා සේවකයන් ඉහත සදහන් ආකාරයෙන් වෙන් කරන කසල එකතු කිරිම සිදුකරන බවත් එම නිසා මෙම නගරය අලංකාර නගරයක් කර ගැනිම සදහා ප්‍රදේශයේ සියලුම දෙනාගේ සහය නගර සභාව බලා පොරෝත්තු වන බවද ඔහු වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts

Leave a Comment