දිඹුලාගල අනවසර කැණීම් සිදුකළ පුද්ගලයින් අත් අඩංගුවට

දිඹුලාගල ඉද්ද පිච්ච වැව් ඉස්මත්තේ පුරාවිද්‍යා රක්ෂිතයට ඇතුළු වී අනවසර කැණීම් සිදුකළ පුද්ගලයින් දෙදෙනෙකු  අත් අඩංගුවට ගත් බව අරලගංවිල පොලිසිය කියයි.

අත් අඩංගුවට ගත් සැකකරුවන්   ළඟ තිබී ව්‍යාජ මැණික් ගල් තුනක් සහ සෙම්බුවක් ද පූජා භාණ්ඩ සහ ත්‍රිරෝද රථයක් ඇතුළුව නඩු භාණ්ඩ රැසක් අත් අඩංගුවට ගත් බව ද පොලිසිය කියයි.

අරලගංවිල පොලිසියේ  දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු තිස් දෙකක් හා  හතළිස් දෙකක් වයසේ පසුවන පොලොන්නරුව නවනගරය සහ දිඹුලාගල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අරලගංවිල පොලිසිය  වැඩිදුරටත් පැවසීය.

සැකකරුවන් දෙදෙනා සහ අදාළ නඩු භාණ්ඩ ඊයේ(16) පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන පොලොන්නරුව ජ්‍යෙශ්ඨ පොලිස් අධිකාරි ඕෂාන් හේවාවිතාරණ මහතාගේ උපදෙස් මත අරලගංවිල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.පී.ඩබ්.ප්‍රේමලාල් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් විසින් සිදු කෙරේ.පින්තුරුඅවල දැක්වෙන්නේ අත් අඩංගුවට ගත් තුන්රෝද රථය පරික්ෂාවට ලක් කරන අයුරුයි.

ඊෂා  මුදියන්සේ – පොලොන්නරුව

Related posts

Leave a Comment