දියේ ගිලී තරුණයෙකු මරුට

වීරකැටිය උඩුකිරිවිල වැවේ ඔරු පදින්නට ගිය තරුණයන් සිවු දෙනෙකු අතුරෙන් එක් තරුණයෙකු  දියේ ගිලී මරුමුවට පත්ව ඇතැයි වීරකැටිය පොලීසිය පවසයි

දියේ ගිලීමෙන් මරණයට පත්ව ඇත්තේ මාතර හිත්තැටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 29 වැනි වියේ පසු වූ තරුණයෙකි.ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ පලමු වසරේ ඉගෙණුම ලැබූ සිසුවෙකු බව ඥාතීහු පැවසූහ.

මරණයට පත්වූ සිසුවා වීරකැටිය ප්‍රදේශයේ මිතුරෙකු ගේ නිවසට පැමිණ ඊයේ(07)  දින සවස උඩුකිරිවිල වැවේ ඔරු පදින්නට ගොස් ඇති බවත්  මඳ දුරක් යෑමෙන් අනතුරුව ඔරුව පෙරලී ඔරුවේ සිටි තරුණයන් සිවු දෙනා දියට වැටී ඇති බවට තොරතුරු ලැබී ඇති බවත්  පොලීසිය කියයි.

මිය ගිය තරුණයා හැර අනෙක් තරුණයන් තිදෙනා ඔරුවේ එල්ලී දිවි බේරා ගෙන තිබේ.

තංගල්ල කොට්ඨාශ පොලිස් ජීවිත ආරක්ෂක බලකා සෙබළුන් , වීරකැටිය පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව  සිදු කළ සෝදිසියකින් අනතුරුව මිය ගිය තරුණයාගේ සිරුර අද සවස 05 ට පමණ සොයාගනු ලැබීය.

මිය ගිය තරුණයාගේ සිරුර පශ්චාත් වෛද්‍ය පරීක්ෂණය සදහා තංගල්ල මූලික රෝහලට යවනු ලැබීය.

චන්ද්‍රසේන ගමගේ

Related posts

Leave a Comment