දිවංගත ඩෙන්සිල් කොබ්බෑකඩුව අසූවැනි ජන්ම දින සැමරුම

දිවංගත ඩෙන්සිල් කොබ්බෑකඩුව මැතිතුමාගේ අසූවැනි ජන්ම දින සැමරුම නිමිත්තෙන් පුෂ්පෝපහාර පිදීම අද මහනුවරදී සිදු කෙරිණ.

සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ඔරලෝසු කණුව අබියස පිහිටි ඩෙන්සිල් කොබ්බැකඩුව මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර  පිදීම සිදු කෙරිණි.

ශ්‍රී ලංකා යුද හමුදාව, මහනුවර මහ නගර සභාව යන ආයතන වල මෙහෙයවීමෙන් පැවැති පුෂ්පෝපහාර උත්සවය සඳහා මහනුවර පුරපති කේසර සේනානායක මහතා, විපක්ෂ නායක සේන දිසානායක මහතා, මධ්‍යම පළාත් යුද හමුදා ආඥාපති ජනරාල් ජාලිය සේනාරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Related posts