දෙහිවල දියනෑමට ගිය තරුණයින් ගසාගෙන යයි

දෙහිවල, ඕබන් පෙදෙස, සමීපයේ , ගොඩගල අසල මුහුදු තීරයේ  දියනෑමට ගිය තරුණයින් හතර දෙනෙකුගෙන් එක් තරුණයෙකු දියරලට අසුවී ගසාගන ගොස් අතුරුදන්වී ඇති බව දෙහිවල පොලීසිය පැවසීය.
මොවුන් දියනාමින් විනෝද වෙමින් සිටියදී හදිසියේ පැමිණි විශාල රල පහරකට තරුණයින් හතර දෙනෙකු ඈතට ගසාගන යන්නට පටන් ගෙන ඇති අතර , අසල සිටි පිරිස් විසින් දැඩි ප්‍රයත්නයක් දරා ඉන් තිදෙනෙකු බේරාගෙන ඇති බවත් අනෙක් තරුණයා රාත්‍රී කාලය වනතූරුත් සොයා ගැනීමට  නොහැකිවු බවත් පොලිසිය පැවසීය.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ කවුඩාන ප්‍රදේශයේ පදිංචි (19) හැවිරිදි  රුචිර දිල්ශාන් සමරජීව නැමැති තරුණයෙක් බවත් මෙම තරුණයා දෙහිවල පිහිටි ප්‍රසිද්ධතම  ප්‍රධාන පැසලක ක්‍රිකට් කණ්ඩායමක දක්ෂ ක්‍රීඩකයෙක් බවත් එම ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් දස්කම් පෑ  ක්‍රිකට් ක්‍රීඩකයෙක් බවත් ප්‍රදේශවාසීන් පැවසීය. .
තරුණයා අතුරුදන්වීම සැලවීමත් සමග එම ස්ථානයට පැමිණි ප්‍රදේශයේ නාගරීක මන්ත්‍රී කුමාර සංජීව ගෝමස් මහතා ඇතුලු ප්‍රදේශවාසීන් විසින් පොලිසියේ හා නාවික හමුදා අනු කණ්ඩයේ ජීවිත ආරක්ෂක රාජකාරියේ යෙදී සිටින නිලධාරීන් වෙත දන්වා ඇති බවත් දැනුම් දීමත් සමග එම ස්ථානයට පැමිණි ආරක්ෂක අංශයේ  නිලධාරීන් විසින්  මෙහෙයුම් කටයුතු ආරම්භ කළ බවත්  නාවික හමුදාවේ ජීවිතාරක්ෂක බෝට්ටු පවා යොදාගනිමින් අතුරුදහන් වු තරුණයා සෙවීමට මෙහෙයුම්  සිදුකලත් (07) වන දින දහවල්  වෙනතෙක් කිසිදු හෝඩුවාවක්ද සොයා ගත නොහැකිවී ඇති බවද පොලිසිය පැවසීය.
තරුණයාගේ සිරුර හමුවන තෙක් දිගටම මෙහෙයුම් කටයුතු නාවික හමූදාව හා දෙහිවල පොලීසිය එක්ව  සිදු කරන බවද පොලිසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ දෙහිවල පොලිසියේ නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.

සමීර අබේසිංහ – බොරලැස්ගමුව

Related posts