දෙහිවල හොරු පොලිසීයට කොටු

දෙහිවල. නැදිමාල පුදේශයේ පුධාන සුපිරි වෙළඳ සැලකින් භාණ්ඩ සොරකම් කිරීම සඳහා පැමිණි පුද්ගලයෙකු උල්පිහියක් සහ ජීව අත්බෝම්බයක්  සමග රුපියල් ලක්ෂ පහකට අධික වටිනා සොරාගත් භාණ්ඩ ලග තබාගත්  රෙස්ටුරන්ට්  හිමි කරුවකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු  ඉකුත් (07) වනදින දෙහිවල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පැවසීය.

සැකකරු වයස (27) ක්  වන අතර කොට්ටාව ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් නිවසක පදිංචිව සිටින බවත් සොරාගත් භාණ්ඩ ලග තබාගත් ආපන ශාලා  හිමිකරු මහරගම පුදේශයේ පදිංචි වයස (70)ක් වන අයෙකු බවද පොලිසිය පැවසීය.

ඉකුත් 5 වනදින ප.ව.7.20 ට පමණ සුපිරි වෙලදසැලට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනා  විසින් භාණ්ඩ මිලදී  ගන්නා මුවාවෙන් විවිධ මිල අධික ආහාර ද්‍රව්‍ය පෙට්ටිවල අසුරන අයුරු  සැක සිතී  අල්ලා ගැනීමට සූදානම් වී  සිටිනබව  දැනගැනිමෙන් ඇතිවු සැකය මත සැකකරුවන් දෙදෙනා පලායාමට  සූදානම් වූ අවස්ථාවේ වෙළඳ ආයතනයේ කළමණාකරු  ඇතුලු පිරිස  කෑගැසීම ඇසුණු  මාර්ගයේ  රථවාහන රාජකාරියේ  යෙදී සිටි පොලිස් කොස්තාපල් වරයෙකු දුවගොස්  සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට යාමේදී එක් සැකකරුවෙකු තමා අතතිබූ උල්පිහියෙන් කොස්තාපල්  වරයාගේ  උරහිස හා කකුල  කපා  තුවාල සිදුකර.

පලායාමට සැරසුනද සොරකමට පැමිනි අනෙක් පුද්ගලයාට යතුරු පැදිය ෂනිකව පනගන්වා පලා යාමට තැත් කලද එයට නැගගත නොහැකි  වූ සැකකරු විසින් උල්  පිහිය හා  සගවාගන සිටි ජීව  අත්බෝම්බය අසල  කැලෑවට  වීසිකර  මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්‍රීරෝද  රථයකින්  පලාගොස් ඇත.

මේ අනුව සැකකරුවන්ගේ  පැරණි  තොරතුරු අනුව සිදුකල විමර්ශනයේදී කොට්ටාව පුදේශයේ කුලී පදනම මත පදිංචිව සිටින සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකල විමර්ෂණයේදි විසින් හෙලිදරව් කල තොරතුරු මත මේ වනවිටත් ඔවුන් දෙදෙනා එකතුව කොලඔ  පුදේශයේ සිදුකල විවිධ සොරකම් හා සුපිරි වෙලදසැල් වලින් විශාල ලෙස සොරකම් කල ආහාර වර්ග මහරගම සිටින ආපනශාලා හිමිකරු වෙත අලෙවිකර තිබූ විශාල තොග පුමාණයක් පොලිස් භාරයට  ගනු  ලැබ ඇත.

පලාගිය අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පරීක්ෂණ සිදුකරගෙන යනු ලබයි.

වැඩිදුර පරීක්ෂණ කටයුතු  බස්නාහිර පළාත දකුණ නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රෝහාන්ප්‍රේමරත්න යන මහතුන්ගේ අධීක්ෂණයෙන් සහකාර පොලිස් අධිකාරී 2 නලීන්  හෙට්ටි ආරච්චි. දෙහිවල පොලිස්ථාධිපති  පුධාන පොලිස් පරීක්ෂක එච්.එල්. දුෂ්මන්ත මහතාගේ උපදෙස්  පරිදි අපරාධ විමර්ශන අංශය ස්ථානාධිපති  පොලිස් පරීක්ෂක රොෂාන් උදයංග මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක නුවන් පුභාත් පොලිස් කොස්තාපල් වරුන් වන 64825  නිහාල්  33449  සදරුවන්   86575  පැතුම්  77154  තෙන්නකෝන් යන නිලධාරීන් විසින් සිදුකරගන  යනු  ලබයි.

සමීර අබේසිංහ – බොරලැස්ගමුව

Related posts

Leave a Comment