දෙහි ගණන් උස්සයි

දෙහි ක්‍රිලෝවක මිල රුපියල් 900/=ත් 1000/=ත් අතර මිලකට ඉහල යාමත් සමග තමන්ට දෙහි මිලට ගැනිමට නොහැකි තත්වයක් පවතින බව පාරිභෝගිකයන් පවසති.

එම ඉහල මිලට පවා වෙළද පලේ විකිනිමට ඇත්තේ ඉතා කුඩා ප්‍රමාණයේ දෙහි බවත් එම දෙහි මිලට ගැනිමෙන් පලක් නොවන බවද ඔවුන් වැඩි දුරටත් පවසති.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු  එලවලු වෙලදුන් පවසන ලද්දේ දෙහි තොග මිල මේ වන විට ඉහල යාමත් සමග ඉතා කුඩා ප්‍රමාණයේ දෙහි තොගද වෙලද පලට ලැබෙන බවත් මෙම තත්වයන් මත දෙහි අලෙවියද දැඩි ලෙස පහල බැස ඇති බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts

Leave a Comment