නඩරාජා සමුගනී

ප‍්‍රවීණ නිවේදකයෙකු මෙන්ම සිනමා හා ටෙලිනාට්‍ය රංගන ශිල්පියෙකු වූ නඩරාජා සිවම් මහතා පෙරේදා (24 දා) අභාවප‍්‍රාප්ත විය.

කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා මියයන විට 74 වැනි වියෙහි පසුවිය.

ජාතික රූපවාහිනියේ සහ ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සේවයේ දමිළ අංශයේ නිවේදකයෙකු වූ සින්නයියා නඩරාජා සිවම් මහතා ජාතික රූපවාහිනියේ විකාශය වූ ”ආයුබෝවන්’’ ඇතුළු වැඩසටහන් රැසකට සිය දායකත්වය දැක්වීය.

දමිළ ප‍්‍රවෘත්ති නිවේදකයෙක් ලෙස ද වසර ගණනාවක් සේවය කළ නඩරාජා සිවම් මහතා ආසියානු මාධ්‍ය ජාලයේ සූරියන් එෆ්. එම් හි ආරම්භක වැඩසටහන් කළමනාකරු හා උපදේශකවරයෙකු ලෙස ද කටයුතු කළේය.

Related posts