නව ක්‍රීඩා අමාත්‍ය නාමල්ගේ නම විකුණු සැකකරුවෙකු අත්අඩංගුවට

නව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස හඳුන්වමින් මහරගම පමුණුව  ප්‍රදේශයේ දුම්රිය මාර්ගය අසල පිහිටා ඇති නිවසක යුවළක් බලහත්කාරයෙන් පදිංචි කළ අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු  මහරගම නගරයේ දී  අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පැවසීය.
 මෙම පුද්ගලයා සම්බන්ධයෙන් මහරගම පොලිසියට  ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වමින් සිටියදී අදාල පුද්ගලයාගේ කටහඬ හා ඡායාරූප කිහිපයක් මහරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එච්.ජනකාන්ත මහතාට ලැබීමෙන් අනතුරුව රාජ්‍ය බුද්ධි ඒකකයේ නිලධාරීන්ද කැඳවා සිදු කළ රහසිගත විමර්ශනයකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත් බවත් සැකකරු අලුත්ගම  ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට හඳුනා ගත්බවත්  පොලිසිය පැවසීය.
සැකකරු ජංගම දුරකතන මාර්ගයෙන් ලබා ගන්නා දුරකථන ඇමතුම් මගින් මෙම අපරාධ සියල්ල සිදු කර ඇති බව වැඩිදුරටත් අනාවරණ කර ගැනීමට පොලිස් නිලධාරීන් සමත්වි ඇති බවත් නවීන පරිගණක තාක්ෂණය හා ජංගම දුරකථන අංක සෙවීමේ තාක්ෂණික ක්‍රම භාවිතා කරමින් තරුණියක් යොදවා සැකකරු සමග මිතුරු කමක් ගොඩනගා ගැනීමට සලස්වා ඇයට  රැකියාවක් ලබා  දෙන ලෙස සැකකරුගෙන් ඉල්ලීමක් කිරීමට උපදෙස් ලබා දීමෙන් අනතුරුව ඒ සඳහා අයදුම් පත්‍රයක් රැගෙන මහරගම නගරයට පැමිණෙන ලෙස සැකකරු තරුණියට  පැවසීමෙන් අනතුරුව උපක්‍රමශීලීව එය ලබා දෙන මුවාවෙන් සැකකරු ගෙන්වාගෙන අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
අත්අඩංගුවට සැකකරු සම්බන්ධයෙන් සිදු කළ දීර්ඝ විමර්ශනයේදී අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් පොලිසි කිහිපයකට අවශ්‍යව සිටි පුද්ගලයෙකු බවට අනාවරණය වූ බව මහරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එච්. ජනකාන්ත  මහතා පැවසීය
    මෙම සැකකරු මොරොන්තුඩුව  පොලිස් වසමේ සිදුකළ ළමා අපචාර සිද්ධියකට, නාමල් රාජපක්ෂ මහතා යැයි පවසා උසස් පොලිස් නිලධාරීන්ට දුරකථන ඇමතුම් දීම සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසියට ලද පැමිණිල්ලක්  සම්බන්ධයෙන් හා හොර හරක් ජාවාරමක් සිදු කිරීම  සම්බන්ධයෙන්  ජාඇල පොලිසියේ ස්ථානාධිපතිවරයාට හිටපු  අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා කතා කරන අයුරින් කතා කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කරන පුද්ගලයෙකු බවට සිදු කළ වැඩිදුර විමර්ශන වලදී අනාවරණය  වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය
 මෙම සැකකරු  පොලිස් නිලධාරීන්ට, රාජ්‍ය නිලධාරීන් හා සාමාන්‍ය ජනතාව නොමග යවමින් කූට ජාවාරම් වල  යෙදෙන්නෙක් බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය
 වයස අවුරුදු 25ක් වන සැකකරු නුගේගොඩ අධිකරණය ඉදිරිපත් කිරීම නියමිතය
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් රත්නායක පොලිස් අධිකාරි     වීරසේකර   මහත්වරුන්ගේ උපදෙස් මත මහරගම  පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන  පරීක්ෂක එච්.එච්.
 ජනකාන්ත , ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් සොයිසා ,පොලිස් කොස්තාපල්වරුන් වන 87677 සන්දික 61931 සිල්වා යන  මහත්වරු පරීක්ෂණ පවත්වයි.

Related posts

Leave a Comment