නව කොරෝනා ප්‍රභේදයක් – කළුතර, හපුතලේ බැංකු දෙකක් වසයි

corona-outbreak

ශ්‍රී ලංකාව තුළ මේ වන විට ‘කොවිඞ් 19’ නව ප‍්‍රභේදයක් පැතිර යමින් තිබේද යන්න පිළිබඳ සැකයක් ඇතැයි ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

කොවිඞ් 19 වයිරසය ආසාදනය වන දෛනික රෝගීන් සංඛ්‍යාව වැඩිවෙමින් ඇති බවත් එම රෝගීන් දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කිරීම ද වැඩි වී ඇති බවත් චන්න ජයසුමන මහතා මහතා පවසයි.

රාජ්‍ය බැංකු සේවකයකුට කොරෝනා වයිරසය ඇසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගින් කළුතර රාජ්‍ය බැංකුවක් ඊයේ (20) දහවල් සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව කළුතර ජාතික සෞඛ්‍ය වෛද්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂක වෛද්‍ය තමර කළුබෝවිල මහතා පවසයි.

හපුතලේ රජ්‍ය බැංකු කළමනාකාරිණීය කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග එම ශාඛාව තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව හපුතලේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලය කියයි.

බැංකු ශාඛාව තාවකාලිකව වසා දමා කළමනාකාරිනියගේ සමීපතම ආශ්‍රිතයින් වන එහි සේවකයින් නවදෙනෙකු ස්වයං නිරෝධයනයට ලක් කළ බවද සෞඛ්‍ය සේවා කාර්යාලය සඳහන් කරයි.

Related posts