නාකොටික් රංගජීව අධිකරණයේදි වැඩ පෙන්වයි

කලක් සමාජ ආන්දෝලනයට ලක් වු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සිටි නියෝමාල් රංගජීව මහතා අද (10) දින කොළඹ 01 මහධිකරණ පරිශ‍්‍රයේදි මව්බිම ඡායාරූප මාධ්‍යවේදියාගේ රාජකාරියට බාධා කර තිබේ.

සිලෝන් ටුඬේ සහ මව්බිම පුවත්පතේ ඡායාරූප ශිල්පි අකිල ජයවර්ධන මහතා අද දින කොළඹ 01 මහධිකරණයේ පැවති වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් පිරිසක් ඝාතනය කිරිමේ සිද්ධියේ නඩුව ආවරණය කිරිම සදහා පැමිණ ඇත. එම අවස්ථාවේ අධිකරණ භූමියට පොලිස් පරික්ෂක නියෝමාල් රංගජීව මහතා පැමිණ ඇති අතර ඔහු එම නඩුවේ ප‍්‍රධාන විත්තිකරුවෙක් වන හෙයින් මෙම ඡායාරූප ශිල්පියා ඔහුගේ ඡායාරූපයක් ලබා ගෙන ඇත.

එම අවස්ථාවේදි නියෝමාල් රංගජීව මහතා ඔහු අසලට ගොස් ඔහුගේ ඇදුමෙන් ඇදගෙන පොලිස් මුරපොල වෙත ගිය බව එම ඡායාරූප ශිල්පියා පවසයි.

ශානි

Related posts

Leave a Comment