නිවසක මිය ගොස් සිටි පුද්ගලයකුගේ මල සිරුරක් හමුවේ

හැටන් හිජ්රා පුර ප්‍රදේශයේ නිවසක මිය ගොස් සිටි පුද්ගලයකුගේ මල සිරුරක් හැටන් පොලිසිය විසින් 12වන දින සොයාගෙන ඇත.

මෙම මල සිරුර ත්‍රිරෝධ රථ රියදුරකු වන පලනි ආන්ඩ්‍රි නැමැති පුදද්ගලයකුගේ බවටද හැටන් පොලිසියේ නිලධාරින් විසින් අනාවරන කර ගෙන ඇත.

මෙයට දින තුනකට පමන පෙර සිටම මෙම පුද්ගලයාගේ ත්‍රිරෝධ රථය නිවස ඉදිරිපිට නවතා තිබිම සම්බන්දයෙන් සැක සිතු අසල් වැසියකු වෙනත් ප්‍රදේශයක සිටින මෙම පුද්ගලයාගේ පුතකුට දුරකථන මගින් තම පියාගේ ත්‍රිරෝධ රථය දින තුනක පමන කාලයක සිට නවතා තිබෙන බවද පියා නොදුටු බවද දන්වා ඇත.

පසුව අසල් වැසියකු විසින් හැටන් පොලිසියට කරන ලද දැනුම් දිමක් මත හැටන් පොලිසියේ නිලධාරින් පැමින නිවසේ දොරගුළු කඩා පරික්ෂා කිරිමේදි මෙම මල සිරුර හමුව ඇත.

මිය ගොස් සිටින අයගේ බිරිදද මෙයට දින කිපයකට පෙර නිවසින් පිටව ගොස් ඇති බවත් මෙම අය තනිව මෙම නිවසේ රැදි සිට ඇති බවටද මුලීක පරික්ෂනවලදි අනාවරණය විඇති බව හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලදි.

මෙම මරණය පිලිබද හැටන් පොලිසියේ නිලධාරින් සොකෝ අංශයේ නිලධාරින් මෙන්ම ඇගිලි සලකුණ අංශයේ නිලධාරින් එක්ව පුලුල් පරික්ෂන මෙහෙය වන බවද එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලදි.

මිය ගිය පුද්ගලයාගේ මල සිරුර අධිකරණ වෛද්‍ය පරික්ෂනය සදහා දික්ඔය දිස්ත්‍රික් මුලීක රෝහලට ගෙන යාමට පියවර ගත් බවද එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts

Leave a Comment