නුවරඑළියේ අනතුරින් කාන්තාවන් 3ක් මරුට

tracuk

නුවරඑළිය වැලිමඩ මාර්ගයේ හග්ගල ප්‍රදේශයේදි ත්‍රිරෝද රථයක් මතට කන්ටේනර් රථයක් පෙරලිමෙන් එම ත්‍රිරෝද රථයේ ගමන් ගත් කාන්තාවන් තිදෙනකු මිය ගොස් ඇති බව නුවරඑළිය පොලිසියේ නිලධාරියකු පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ නුවරඑළිය සිල ඇල්ල ප්‍රදේශය දක්වා ගමන් ගත් ත්‍රිරෝද රථයක් මතට හග්ගල මහ වංගුව ප්‍රදේශයේදි මෙම කන්ටේනර් රථය පෙරලි ඇති බවත් එහිදි එම ත්‍රිරෝද රථයේ රියදුරු බරපතල තුවාල ලබා නුවරඑළිය රෝහල වෙත ඇතුලත් කර ඇති බවත්ය.

මෙම අනතුර සිදු කල කන්ටේනර් රථයේ රියදුරු පලා ගොස් ඇති බවත් එහි රිය සහයක මේ වන විට අත් අඩංගුවට ගෙන ඇති බවත් මෙහි රියදුරු අත් අඩංගුවට ගැනිමට පරික්ෂනය ආරම්භ කර ඇති බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts