නුවරඑළියේ ආසාදිතයන් ගණන 1735 දක්වා ඉහලට

gampaha-corona

අඹගමුව, බගවන්තලාව, නිල්ඩන්ඩාහින්න, වලපනේ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශවලින් කොවිඩ් ආසාදිතයන් 85 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගණන 1735 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

මේ පිලිබවද වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසු ගිය දින දෙක තුනක කාලය තුලදි කරන ලද පි. සි. ආර්. පරික්ෂන මත අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් ආසාදිතයන් 22ක්, බගවන්තලාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් ආසාදිතයන් 09ක් වලපනේ නිල්ඩන්ඩාහින්න ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් ආසාදිතයන් 44ක් හා තවත් ආසාදිතයන් 10ක් හමුවිමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවත්ය.

මෙසේ හමුවු ආසාදිතයනගේ ආශ්‍රිතයන් ලෙස හදුනා ගෙන ඇති පාසල් සිසුන් ඇතුළු තුන්සියයක පමන පිරිසක් ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගෙන ඇති බවත් එම පිරිස්ද පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවත් මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ මරණ ගනන 12ක් බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Please follow and like us:

Related posts