නෞකාවේ යළිත් ඇති වූ ගින්න නිවන්න නැවතත් මෙහෙයුම්

අම්පාර ආසන්න නැගෙනහිර මුහුදේ ඇති ඉන්ධන ප්‍රවාහන නෞකාවේ නැවතත් ගිනි ඇවිළී තිබේ.

නාවික හමුදාව සදහන් කරන්නේ ඉන්දීය සාදරයේ මේ වන විට ඇති වී තිබෙන සුළං තත්ත්වය හේතුවෙන් මෙම ගිනි ඇවිලීම සිදුව ඇති බවයි.

කාලගුණය අයහපත් වීම හේතුවෙන් ගිනි ගැනීම පාලනය කිරීම අසීරු වී ඇති බවද නාවික හමුදාව සඳහන් කරයි.

මෙහෙයුම් සඳහා ගුවන් හමුදාවේ, ඉන්දීය නාවික හමුදාවේ හා ඉන්දීය වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් නෞකා, ගුවන් යානා සහ ටග් යාත‍්‍රාවල ද සහය හිමිව ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා පැවසුවේ.

 

Related posts