පමුණුවෙත් කොවිඩ් පොකුරු – වෙළෙඳසැල් වසයි

corona

මහරගම පමුණුව වෙළෙඳසැල් කිහිපයකින් කොවිඩ් – 19 ආසාදිතයින් 17 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

මේ වන විට ආසාදිතයින් හඳුනාගත් පමුණුවේ වෙළෙඳසැල් දෙකක් වසා දමා ඇති බව කොවිඩ් – 19 පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේය.

මේ අතර පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයෙන් නව කොවිඩ් -19 ආසාදිතයින් 31 දෙනෙකු හඳුනාගෙන තිබේ.

අහඹු ලෙස තෝරාගත් පිරිසක් හා කොවිඩ් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් පිරිසක් මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනා ගත් බව පිළියන්දල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුමිත් මාර්ක් ද සිල්වා මහතා සඳහන් කළේය.

මොවුන් ඇරව්වල, රත්මල්දෙණිය, ගොරකපිටිය හා බෝකුන්දර යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

මේ අතර රාජ්‍ය බැංකුවක සේවකයින් 70 දෙනෙකු පමණ කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම බැංකුවේ කොළඹ, බදුල්ල, ගාල්ල, අම්බලන්ගොඩ සහ කෑගල්ල ශාඛාවලින් එසේ ආසාදිතයින් හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

Related posts