පස් හැවිරිදි දැරියක්  දියේ ගිලී මියයයි

5hawiridi

සිය මව සමග ඉසඩ් ඩී ඇලෙහි දිය නෑමට ගිය පස් හැවිරිදි දැරියක්  දියේ ගිලී මියගොස් ඇතැයි අරලගංවිල පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ අරලගංවිල පොලිස් වසමට අයත් ඇල්ලේවැව ,මහදමන අංක 184 හි පදිංචිව සිටි පී.වී.ඔෂානි සන්දීපා විජේසිංහ(05) නම් දැරියකි.

පොලිසිය පවසන අන්දමට සිය මව සමග පෙරේදා(27) සවස 5.00 ට පමණ අසල ඉසෙඩ් ඩී ඇලෙහි දිය නෑමට ගොස් ඇති අතර මව රෙදි සෝදමින් සිටින අතර දැරිය ලණුවක ආධාරයෙන් ඉසඩ් ඩී ඇලෙහි දිය පහරෙන් දිය නෑමට පටන් ගෙන ඇත.ඇසිල්ලකින් ළණුව අතහැරී දැරිය දිය පහරේ ගසාගෙන ගොස් ඇත.අඩි 6ක් පමණ ගැඹු‍රැදි මෙම ඇලෙහි දිය පහර තරමක් වේගවත් ය.පසුව මවගේ කෑ ගැසීම ඇසී ප්‍රදේශවාසීන් එක්ව දැරිය සෙවීම අරඹා ඇති අතර මීටර් 500ක් පමණ ඈතට ගසා ගෙන ගොස් සිටි දැරිය ගොඩට ගෙන වහාම අරලගංවිල රෝහලට ගෙනයාමට කටයුතු කර ඇත.එසේ වුවත් දැරිය රෝහල්ගත කරන විට ජීවිතක්ෂයට පත්ව සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් අරලගංවිල පොලිසිය වැඩි දුර පරික්ෂණ සිදු කරයි.පින්තුරවල දැක්වෙන්නේ මියගිය දැරියගේ කුඩා කල ඡායාරූපයක් සහ දිය පාරට හසුව ගසා ගෙන ගිය ස්ථානයත් ශෝකවන පවුලේ ඥාතීනුත් ය.

ඊෂා  මුදියන්සේ – පොලොන්නරුව

Related posts