පළාත් කිහිපයකට අදත් අධික වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය.

මේ අතර අධික වැසි හේතුවෙන්, කොළඹ, කළුතර, ගාල්ල, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට පැන වූ නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදන අද පස්වරු 4.00 දක්වා ක්‍රියාත්මකය.

Related posts