ප්‍රංශයට ඇඳිරි නීතිය

ප්‍රංශයේ පැරිස් නුවර සහ තවත් නගර 08කට යළිත් ඇඳිරි නීතිය පැනවීමට එරට ජනාධිපති එමානුවෙල් මැක්රොන් පියවර ගෙන තිබේ.

රාත්‍රී  9 සිට අලුයම 6 දක්වා ඇදිරි නීතිය පැනවීමට තීරණය කර ඇති අතර ඉදිරි සති 04ක පමණ කාලයක් අදාළ ඇඳිරි නිතීය බලපැවැත්වෙනු ඇති බව සඳහන් වේ.

ප්‍රංශයේ කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 779063 දෙනෙකු හඳුනාගෙන ඇති අතර කොවිඩ් මරණ 33037 සිදුවු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

Leave a Comment