පාර්ලිමේන්තු භූමියේ කොටසක් දියවන්නා ඔයට කැඩී ගොස් ඇතැයි වාර්තා වේ. පාර්ලිමේන්තුවේ බෝධීන් වහන්සේ අසල අංගනයේ කොටසක් මෙලෙස කැඩී ගොස් ඇති බව පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය. මන්ත්‍රීවරුන්ගේ ප්‍රවේශ දොරටුව තිබෙන්නේද මේ ආසන්න ප්‍රදේශයේය.