පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 7 කට කොරෝනා

පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 07 දෙනෙකුට කෝවිඩ් -19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර සිටී.

මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ Kashif Bhatti, Mohammad Hasnain, Fakhar Zaman, Mohammad Rizwan, Mohammad Hafeez, Wahab Riaz සහ Imran Khan යන ක්‍රීඩකයින්ටයි.

මේ අතර, පසුගිය 22 වන දින සිදුකළ වෛද්‍ය පරීක්ෂණ වලදී තවත් ක්‍රීඩකයින් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවත් වාර්තා වෙ. ඒ අනුව එංගලන්ත තරග සංචාරය සඳහා පුහුණු සැසියට කැඳවනු ලැබූ ක්‍රීඩකයින් හට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

මෙම ක්‍රීඩකයින්ට අමතරව කණ්ඩායමේ සහායක නිලධාරියෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

Source – නෙත් News

Related posts