පානදුරේත් කොරෝනා පොකුරක් මතුවෙයි

corona

පානදුර ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවය කරන සේවක සේවිකාවන් 29 දෙනකුට කොවිඩ් – 19 වයිරසය වැළඳී ඇති බවට හඳුනාගෙන ඇතැයි පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

අලුත් අවුරුද්දට ගමේ ගොස් පැමිණි සේවක සේවිකාවන් වෙනුවෙන් සිදුකරන ලද ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණවලදී මේ බව තහවුරුව ඇතැයි පැවසේ.

කොරෝනා වෛරසය වැළඳී ඇති රෝගීන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් හඳුනාගෙන ඇති බවත් ඔවුන්ටද පීසීආර් පරීක්ෂණ සිදුකරන බවත් පැවසේ.

Related posts