පිළියන්දල හෝටලයක හිමිකරුවෙක් අභිරහස් ලෙස ඝාතනය කරයි

කැස්බෑව, ගුරුගම්මාන පාරේ පිහිටි සුපිරි තෙමහල් හෝටලයක  හිමිකරු අභිරහස් ලෙස හිසට පහරදී කැපුම් තුවාල සිදුකර නිදියහන මතම ඝාතනය කර සිටියදී හමුවී ඇතැයි පිලියන්දල පොලීසිය පවසයි.

මෙලෙස  ඝාතනයට ලක්ව ඇත්තේ පිලියන්දල අංක 25/2/ඩී මුලුගම්මනවත්තපාර. පිළියන්දල යන ලිපිනයේ පදිංචිව සිටි තුඩැල්ල ප්‍රියන්ත  සාගර කුමාර  නම් (51) හැවිරිදී දෙදරු පියෙක්වන බවත් මෙම පුද්ගලයා කෝටිපති ව්‍යාපාරිකයෙක් බවත් සුපිරි හෝටල් වියාපාරිකයෙකුද වන බව පොලිසිය පැවසීය.

මෙම  පුද්ගලයා  සිය බිරිද සහ දරුවන් දෙදෙනා සමග මෙම හෝටලයේ කාමරයක වාසයකර ඇති බවත් ඉකුත් (06) වනදින රාත්‍රී මෙම ඝාතනය සිදුවී ඇති බවත් සිද්ධිය අතරතුර බිරිදගේ ඇගිල්ලක නියපොත්තක් ගැලවී සිදුවු තුවාල හේතුවෙන් ප්‍රතිකාර සදහා දකුණු කොළඔ ශීක්ෂණ  රෝහල වෙත ඇතුලත්වී ප්‍රතිකාර ගනිමින් සිටින බවත් පොලීසිය පැවසීය.

අළුයම හතරට පමන හොටලයේ මුළුතැන් ගෙයි සේවය කරනා වයෝවෘද යුවලක් නිදාසිටින කාමරය දෙසට දිවආ බිරිදහා දරුවන් දෙදෙනා මෙම සේවක යුවලගෙන් උදව් ඉල්ලා කැගසා ඇති බවත් එම අවස්ථාවේ නළලින් සහ මුහුණ ලෙයින් නැහැවී තිබු බව පරික්ෂණ වලදි හෙලිවු බව පොලිසිය පැවසිය.

එම ශබ්දය ඇසිමත් සමග මෙම වයෝවෘද සේවකයා තවත් සේවකයෙකුට කතාකර ඔහු සමග ව්‍යාපාරිකයා නිදා සිටි කාමරයට ගොස් සොයා බැලිමේදි ඔහු ඇදෙහි උඩුබැලි අතට ලේ ගොඩක් මැද සිටින අයුරු දැක ඇති බවත් මුලික පරික්ෂණයේදි සේවකයින් පැවසු බව පොලිසිය පවසයි.

සිද්ධිය පිළිබදව 119 පොලිස් හදිසි ඇමතුම් අංශයෙන් ලැබුනු පණිවිඩයකට අනුව එම ස්ථානයට ගිය පොලිස් නිළධාරින් පරික්ෂණ ආරම්භ කල බවත් එහිදි හොටල් ගොඩ නැගිල්ලේ පහත මාලයේ ජනේලයක් කඩා එයින් පුද්ගලයෙක් හො කිහිප දෙනෙක් ඇතුලුවී මෙම ඝාතනය සිදුකර ඇතැයි සැක පලකරන බව පොලිසිය පැවසීය.

මෙම යුවලගේ පවුල් ආරවුලක් මත මාස කිහිපයකට කලින් පිළියන්දල පොලිසියට පැමිණිලි ලැබි ඇති බවත් විටින් විට ඇතිවු ආරවුල් මත බිරිද ගිය වසරේ දෙසැම්බර් මාසයේ නිවසින් පිටවී බොරලැස්ගමුවේ පිහිටි නිවසක වාසයකර ඇති බවත් මේ වසරේ පෙබරවාරි මාසයේදී නැවත මෙම නිවසට පැමින ඇති බවද මුලික පරික්ෂණ වලදී හෙලිවු බවත් පොලිසිය පැවසීය.

ව්‍යාපාරිකයා ඝාතනයට ලක්වුයේ කෙසේද යන්න පිලිබදව විශේෂ  පොලිස් කණ්ඩායමක් විසින් දීර්ඝ  වශයෙන් පරීක්ෂණ  කටයුතූ සිදු කර ගන බවත් පොලීසිය කියයි.

වැඩිදුර පරීක්ෂණ කටයුතු  ගල්කිස්ස ජේෂ්ඨ  පොලිස්  අධිකාරි රෝහන් ප්‍රේමරත්න  මහතාගේ අධීක්‍ෂණය යටතේ පිලියන්දල පොලිසියේ ස්ථානාධිපති පුධාන පොලිස් පරීක්ෂක  සනත්  රංජිත් මහතාගේ මෙහෙයවීම යටතේ විශේෂ  පොලිස්  කණ්ඩායමක් විසින් සිදු කරගෙ යනු ලබයි.

 සමීර අබේසිංහ – බොරලැස්ගමුව

Related posts

Leave a Comment