පී.සී.ආර්. පරීක්ෂණ දහසක ප්‍රතිඵල අද නිකුත් වෙයි

පීසීආර් පරීක්‍ෂණ 1000 ක වාර්තා අද දිනයේ ලැබීමට නියමිතව තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ කුණ්ඩසාලේ ප්‍රදේශයේ 101 ක්, කොටුගොඩ 75 ක්, රංටැබේ 266 ක්, පොළොන්නරුව රෝහලේ 200 ක් සහ රාජාංගනයේ 150 ක් ආදී වශයෙන් පීසීආර් පරීක්‍ෂණ සඳහා යොමු කර ඇති බවයි.

එමෙන්ම මහර බන්ධනාගාරයේ 150 ට අධීක පිරිසක්ද පීසීආර් පරීක්‍ෂණයට යොමු කර තිබෙනවා.

මේ අතර රාජාංගනය ප්‍රදේශයේ 395 කුගේ පීසීආර් පරීක්‍ෂණ වාර්තා ඊයේ දිනයේ නිකුත් වූ අතර, කිසිදු ආසාධිතයෙකු ඒ අතරින් හමු නොවූ බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ.

Related posts

Leave a Comment