පුරවැසියන් 20,0000ට ඡන්දය අහිමියි

පාර්ලිමේන්තු මැතිවරණයේ දී මෙරට පුරවැසියන් විසිලක්ෂයකටවත් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමි වී ඇති බව පැෆරල් සංවිධානය පවසනවා.

සෑම මැතිවරණයකදීම ඇති වන මෙම අයහපත් තත්ත්වය දුරු කිරීම සඳහා නිසි ක්‍රියාමාර්ග ගැනීම නව පාර්ලිමේන්තුවේ වගකීමක් බවද මැතිවරණ නිරීක්ෂකයින්ගේ මතයයි.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්, සිරකරුවන්, කොළඹ ඇතුලු නාගරික ප්‍රදේශවල විවිධ රැකියාවල නිරත වූවන්, සිල්මාතාවන්, පෞද්ගලික සෞඛ්‍ය සේවික සේවිකාවන් ඇතුලු බොහෝ දෙනෙකුට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමි වීම බරපතල ගැටලුවක් ලෙස හදුනාගත හැකියි.

විදෙස් රැකියාවල නිරත වූවන් බොහෝදෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමේ අරමුණින් දිවයිනට පැමිණිය ද ඔවුන්ට නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු වීමට සිදුවුණා.

ඒ තත්ත්වය තුළ මෙරටට පැමිණි ශ්‍රමිකයින් දහස් ගණනකට ඡන්ද අයිතිය අහිමිවී තිබුණා.

මෙම තත්ත්වයන් දුරු කිරීම සඳහා මැතිවරණ නීතියට නව විධිවිධාන සහ ක්‍රමෝපායන් ඇතුලත් විය යුතු බව පැෆරල් සංවිධානය පෙන්වා දෙන කාරණයයි.

අත්‍යවශ්‍ය සේවාවල නිරත පෞද්ගලික අංශයට ද තැපැල් ඡන්ද ක්‍රමය හදුන්වාදීම අන්තර්ජාලය ඔස්සේ ඡන්ද විමසීමේ ක්‍රමවේදය සකස් කිරීම, ඡන්ද දිනට පෙර විශේෂ ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාවක් ලබාදීම ඇතුලු යෝජනා ඒ සඳහා ඉදිරිපත් වී තිබෙනවා.

Related posts

Leave a Comment