පුවක් මිල ඉහලට

හැටන් ප්‍රදේශයේ මේ වන විට පුවක් මිල දැඩි ලෙස ඉහල ගොස් ඇති බව ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව පවසති.

හැටන් නගරයේ කිසිදු දිනක ඉහල නොගිය අයුරින් පුවක් මිල ඉහල ගොස් ඇති බවත් එම තත්වයන් මත ලපටි කුඩා පුවක් ගෙඩියක මිල රුපියල් 15 දක්වාත් පැසුනු පුවක් ගෙඩියක් රුපියල් 20ත් 25ත් අතර දක්වා ඉහල ගොස් ඇති බවද එම පාරිභෝගිකයන් පවසති.

මේ පිලිබදව කරන ලද විමසිම්වලදි අදහස් දක්වන ප්‍රදේශයේ පුවක් වෙලදුන් පවසනුයේ මේ වන විට වෙලද පලට අවශ්‍ය තරම් පුවක් තොග නොලැබෙන බවත් ලැබෙන පුවක් තොග මිලද දැඩි ලෙස ඉහල යාමත් සමග මෙම තත්වයන් උදාවී ඇති බවත්ය.

මිල දැඩි ලෙස ඉහල යාමත් සමග පුවක් අලෙවියද පහල බැස ඇති බවද එම වෙලදුන් වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts