පොලිස් සැරයන් අත්අඩංගුවට

ප්‍රදේශ රැසක විහාරස්ථානවල විහාරාධිපති හිමිවරුන් මුලාකර මුදල් වංචා කල හිටපු පොලිස් සැරයන් වරයෙක් පසුගිය දා අත් අඩංගුවට ගත් බව මීගහතැන්න පොලිසිය කියයි.

විහාරස්ථාන වල ඉදිකිරිම් සදහා විවිධ ගොඩනැගිලි ද්‍රව්‍ය ගෙනවිත් දෙන බවට පොරොන්දුවී මුදල් ලබාගන මගහැර සිටින සැකකරු පසුගිය ජූලි මස 13 දින මීගහතැන්න රත්මලේ තඹර ගිර විහාරස්ථානයට පැමිණ එහි ඉදිකිරිම් සදහා අවශ්‍ය ගඩොල් ලබාදෙන බවට පොරොන්දුවී රුපියල් 7000 ක මුදලක් ලබාගන ඇත.

පසුව සැකකරු සම්භන්ධකර ගත නොහැකි ලෙස අතුරුදහන්ව ඇතැයි එම විහාරාධිපති හිමියෝ පොලිසියට පැමිණිල්ලක්ද කර ඇත.

රත්මලේ , තඹර ගිර විහාරස්ථානයේම සහෝදර විහාරස්ථානයක්වූ පොල්ගම්පල හරංකහපත විහාරස්ථානයටද පසුගිය 19 දා සැකකරු පැමිණ විහාරස්ථානයේ අඩු පාඩු ඉදිකිරිම් සදහා ද්‍රව්‍ය ලබාදිමට පොරොන්දුවි අත්තිකාරම් ලබා ගැනිමට සුදානම්වි ඇත.

එම විහාරාධිපති හිමි වහාම මීගහතැන්න පොලිසියට දැනුම් දි සැකකරු අත් අඩංගුවටගැනිමට කටයුතු කර තිබේ.

අත් අඩංගුවට ගත් සැකකරු හොරණ, දොඹගොඩ පදිංචි වෛද්‍ය හේතු මත පොලිස් සේවයෙන් විශ්‍රාම ගැන්වූ පොලිස් සැරයන් වරයෙකු බව මෙහිදි හෙළිව ඇත.

මේ ආකාරයට සැකකරු විවිධ ප්‍රදේශවල විහාරස්ථානවල ඉදිකිරිම් සදහා ගොඩනැලි ද්‍රව්‍ය ලබාදිමට පොරොන්දුවි මුදල් වංචා කර ඇතැයිද අනාවරණයවී ඇත.

අත් අඩංගුවට ගත් සැකකරු මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට කටයුතු කරන බව මීගහතැන්න පොලිසිය කියයි.

සෝමරත්න පොද්දෙණිය – මීගහතැන්න

Related posts

Leave a Comment