පොලොන්නරුවේ ඡන්දදායකයින් ඡන්දය පාවිච්චි කිරීමට ලොකු උනන්දුවක්

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ද මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම (05) දා පෙරවරු 7.00 ට ආරම්භ කෙරුණු අතර උදෑසනම ඡන්දදායකයින් ඡන්දය පාවිච්චි කිරීමට ලොකු උනන්දුවක් දැක්වූ බව අප කළ නිරීක්ෂණ චාරිකාවේ දී දැක ගත හැකි විය.

පොලොන්නරුව බෝධිමලු විහාරස්ථානයේ දී ඡන්දය පාවිච්චි කිරීමට පැමිණි ඡන්ද දායකයින්ගෙන් කොටසක් පින්තූරවල දැක්වෙයි.

මෙම ඡන්ද මධ්‍යස්ථානයේ දී ඡන්දය පාවිච්චි කිරීම සදහා එක්සත් ජාතික පක්ෂයේ පොලොන්නරුව දිස්ත්‍රික් කණ්ඩායම් නායක නාලක කොලොන්නේ මහතා ද සමගි ජන බලවේගයේ පොලොන්නරුව දිස්ත්‍රික් අපේක්ෂක චන්ද්‍රසිරි සූරි ආරච්චි මහතාද ඡන්දය ප්‍රකාශ කිරීම සදහා පැමිණ සිටිය හ.පින්තූරවල දැක්වෙන්නේ එහි අවස්ථා කිහිපයකි.

ඊෂා මුදියන්සේ – පොලොන්නරුව

Related posts

Leave a Comment