පොලොන්නරුව වන ජීවී කලාපය තුළ 43 වන අලි මරණය වාර්තාවෙයි

පොලොන්නරුව වන ජීවී කලාපය තුළ මෙම වසරේ සිදු වූ 43 වන අලි මරණය අද (17) බකමූණ 504 ගම්මානයෙන් වාර්තා  වූ බව වනජීවී නිලධාරීහු පවසති.

මෙම අලියා කුඹුරු යායක් ඉදිරිපිට ඇළක හදිසියේ මියගොස් තිබෙන බවත් මිය යාමට හේතුව පශ්චාත් මරණ පරික්ෂණයෙන් පසු අලියාගේ මරණයට හේතුව අනාවරණය වනු ඇති බවත් පොලොන්නරුව වනජීවී කලාප කාර්යාලය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදු කෙරේ.පින්තූරයේ දැක්වෙන්නේ මියගිය අලියායි.

ඊෂා  මුදියන්සේ – පොලොන්නරුව

Related posts