බංග්ලාදේශ ලෙජන්ඩ්ස් පරදවා දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් ජයගනී

ඉන්දියාවේ පැවැත්වෙන Road Safety World Series විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ (15) පැවති තරගයෙන් බංග්ලාදේශ ලෙජන්ඩ්ස් කණ්ඩායම පරදවා දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් කණ්ඩායම කඩුලු 10 ක ජයක් හිමිකරගෙන තිබේ.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09 ක් දැවී ලකුණු 160 ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 02 ක් තුළදී කිසිදු කඩුල්ලක් නොදැවී ජයග්‍රහණය වාර්තා කළේය.

ඒ අනුව දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් කණ්ඩායම තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

Related posts