බඹර ප්‍රහාරයක් – කාන්තාවන් 14ක් රෝහලට

දික්ඔය කාසල්රි ඔස්බෝන් වතුයායේ සිදුවු බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් 14 දෙනකු තුවාල ලබා දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහලට ඇතුලත් කර ඇත.

මෙම වතු කම්කරු කාන්තාවන් 01වන දින එම වතුයායේ සේවය කරමින් සිටින විටදි එම වතුයායේ ගසක බැද තිබු බඹර කුඩුවක් ඇවිස්සිමෙන් එහි සිටි බබරුන් තමන්ට පහර දුන් බව එම කාන්තාවන් පවසති.

වතු කරය තුල පවතින බඹර ප්‍රහාරයන් දිනෙන් දින වර්ධනය වෙමින් පවතින බවත් මෙම තත්වයන් මත වතුකරය තුල තමන්ට නිදහසේ සේවය කිරිමට නොහැකි තත්වයක් පවතින බවත් වතු කම්කරු කාන්තාවන් පවසති.

බඹර ප්‍රහාරයට ලක්ව රෝහල් ගත කර ඇති තුවාලකරුවන්ගේ තත්වයන් බරපතල නොවන බව දික්ඔය ග්ලැන්කන් මුලීක රෝහලේ නිලධාරියකු පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා –  හැටන්

Related posts

Leave a Comment