බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් හය දෙනකු රෝහලට

නල්ලතන්නිය මරේ වතුයායේ සිදුවු බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් හය දෙනකු තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇත.

මෙම වතුයායේ කම්කරු කාන්තාවන් 23දන සවස තේ දළු කඩමින් සිටියදි එම වතුයායේ තේ පදුරක් යට බැද තිබු බඹර කුඩුවක් ඇවිස්සිමෙන් එහි සිටි බබරුන් මෙම කාන්තාවන්ට පහර දිමෙන් ඔවුන් මෙසේ තුවාල ලබා ඇත‍.

මේ පිලිබදව අදහස් දක්වන වතු කම්කරුවන් පවසනුයේ වතු කරය තුල සිදුවන බඹර ප්‍රහාරයන් හේතුවෙන් තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්වන බවත්ය.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ නිලධාරියකු පවසන ලද්දේ බඹර ප්‍රහාරයන් හේතුවෙන් කාන්තාවන් හය දෙනකු තුවාල ලබා රෝහලට ඇතුලත් කර ඇති බවත් එම තුවාලකරුවන්ගේ තත්වයන් බරපතල නොවන බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts