බස් ප‍්‍රමුඛතා මංතීරු නීතියේ තවත් අදියරක් අද සිට

බස් ප‍්‍රමුඛතා මංතීරු වැඩසටහනේ තවත් අදියරක් අද (29) පෙරවරු 06 ට ආරම්භ විය.

ග‍්‍රෑන්ඞ්පාස් ඉගුරුකඬේ හංදියේ සිට සිරිමාවෝ බණ්ඩාරනායක මාවත, ආමර් වීදිය, පංචිකාවත්ත, මරදාන හරහා කොළඹ කොටුව දක්වායි.

ඒ අනුව අද පෙරවරු 06 සිට පෙරවරු 9 දක්වාත් අද පස්වරු 04 සිට රාතී‍්‍ර 07 දක්වාත් ප‍්‍රමුඛතා මංතීරු ක‍්‍රමය කි‍්‍රයාත්මක වන බවයි රථ වාහන පාලන සහ මාර්ග ආරක්ෂාව පිළිබද අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සදහන් කරන්නේ.

මෙම කාලවේලාවන් වලදී ත‍්‍රීරෝද රථ, යතුරු පැදි හෝ සැහැල්ලූ වාහන ඊට ඇතුලූ කිරීම තහනම් බවද සදහන්.

Related posts

Leave a Comment