බාලවයස්කාර නංගිලා දෙදෙනාට අතවර කළ අයියා රිමාන්ඞ්

දහතුන් හැවිරිදි සිය නැගණිය දූෂණය කර එකොළොස් හැවිරිදි නැගණියට අතවර කළ බවට සැකපිට විසිහතර හැවිරිදි අයියා පසුගියදා අත්අඩංගුවට ගත් බව කලවාන පොලිසිය පැවසීය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කලක් මහණ වී සිට සිවුරු අත්හල තරුණයෙකු බව පොලිසිය පැවසීය. දූෂණයට ලක්වූ දැරිය පාසලට පැමිණි අවස්ථාවේදී ඇයගේ ශරීරයේ ඇති වෙනස්කම් දැක පාසලේ ගුරුවරුන් විසින් කලවාන පොලිසිය දැනුවත් කර ඇති අතර පසුව කලවාන පොලිසිය විසින් ඇය රෝහල වෙත ඇතුළත් කර පරීක්ෂා කීරීමේදී ඇය ගැබ්ගෙන ඇති බව අනාවරණය වී ඇත.

පසුව ඇයගෙන් කළ ප‍්‍රශ්න කිරීමේදී මෙය සිය අයියාගෙන් සිදුවූවක් බව ඇය පොලිසියට පවසා ඇත. ඇයගේ අයියා අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමේදී දූෂණයට ලක්වූ දැරියට අමතරව එකොළොස් හැවිරිදි නැගණියට ද ඔහු විසින් අතවර කර ඇති බව අනාවරණය වූ බව කලවාන පොලිසිය සදහන් කරයි.

Related posts

Leave a Comment