බාලවයස්කාර පාසල් දැරියක් ජීවිතක්ෂයට පත්කල මාරක රිය අනතුර

මෝටර් රථය පැදවු පියාට නින්දයාම නිසා රාජාංගනය ඇදි බෝක්කුවෙන් පහළට රථය පෙරලියාමෙන් සිදුවු මාරක රිය අනතුරකින් රථයේ ගමන් කළ අට හැවරදි බාලවයස්කාර පාසල් දැරියක ජීවිතක්ෂයට පත්වි තවත් සිවුදෙනෙකු තුවාල ලබා තිබෙනා බව රාජංගනය පොලිසියේ රථවාහන අංශය පවසයි.

අද (30දා) අළුයම තුනයි තිහට පමණ පුත්තලම අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ රාජාංගනය  ඇදි බෝක්කුව අසලදි සිදුවු මාරක රිය අනතුරෙන් බරපතල තුවාල ලැබු අට හැවරදි පාසල් දැරිය ප්‍රතිකාර සදහා නොච්චියගම ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වි තිබේ.

අනතුර නිසා රථය පැදවු පියාට හා තවත් දැරියකට බරපතල තුවාල සිදුවි නැතත් මරණයට පත්වු දැරියගේ මව හා වැඩිමහල් සහෝදරිය බරපතල තුවාල හේතුවෙන් නොච්චියගම රෝහලට ඇතුලත් කළ පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර එවා තිබේ.

අනතුරට පත්වු රියදුරා ඇතුළු පවුලේ උදවිය බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බව පොලිසිය අනාවරණය කරගෙන තිබු අතර ඔවුන් මීට මාස තුනකට පමණ ඉහතදි නොච්චියගම නගරයේ පදිංචියට පැමිණ ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබුණි.

රථය පැදවු දැරියන්ගේ පියා බෙලි අත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුට අයත් ඉඩමක් විකුණා නැවත නොච්චියාගම නිවසට පැමිණෙමින් සිටියදි අනතුරට පත්වි ඇති බව පවසන පොලිසිය අනතුරට පත්වු මෝටර් රථයේ තිබි රුපියල් ලක්ෂ අටකට වැඩි ප්‍රමාණයක් තිබි සොයාගත් බව පවසයි.

රථය නොච්චියාගම දෙසට ධාවනය වන අවස්ථාවේ රියදුරාට නින්ද යාම නිසා ඇදි බෝක්කුව අතරින් රථය රිංගා ගොස් ඇලට පෙරලි ඇති බවත් එය අඩි හතරක් පමණ ජලය ඇති ප්‍රදේශයේ ඉදිරිපස මුහුණ ඇල පතුලේ ගැටි නතරව තිබු බව පරික්ෂණ සිදුකරනා පොලිසිය පවසයි.

රථය ඇලට පෙරලිමෙන් පසුව රථය පැදවු දැරියන්ගේ පියා විසින් තුවාලකරුවන් ගොඩට රැගෙනවිත් ඇතත් සිද්ධිය බලාසිටි පිරිස් අතර සිටි කිසිවෙකු ඔහුට සහයක් දක්වා නැති බව පොලිසිය සිදුකල පරික්ෂණ වලදි අනාවරණයවි තිබුණි

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

Related posts