බාලවයස්කාර පාසල් සිසුවියක් බලහත්කාරයෙන් විරෝධතාවකට රැගෙන යයි

ළමා නිවස භාරයේ සිටින බාලවයස්කාර පාසල් සිසුවියක අනුරාධපුර විවේකානන්ද දෙමළ මහ විද්‍යාලය ඉදිරිපිට පැවති විරෝධතාවකට බලහත්කාරයෙන් යොදාගෙන ඇති බව කියමින් කොළඹ පිහිටි ජාතික ළමා රක්ෂන අධිකාරියට පැමිණිල්ලක් ඉදිරිපත්වි තිබේ.

අනුරාධපුර විවේකානන්ද දෙමළ මහ විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරියකට එරෙව දියත් කළ විරෝධතාවයකට අනුරාධපුර සරණ ළමා නිවාසයේ රදවා සිටින සිසුවියක බලහත්කාරයෙන් යොදවා ගැනීමට විරෝධතාවය සංවිධානය කළ දෙමාපියන් හා සංවිධායකයින් පියවර ගෙන ඇති බව කියමින් පැමිණිලිකරුවෙකු විසින් ජාතික ළමා රක්ෂන අධිකාරියට පැමිණිලි ඉදිරිපත් කර තිබේ.

දරුවන් බලහත්කාරයෙන් යොදා ගැනීම පිළිබදව වීඩියෝ ඡායරූප හා ප්‍රකාශ ඉදිරිපත් කළ හැකි බව ඔහු අධිකාරියට දන්වා තිබේ.විවිධ හේතුන් නිසා දෙමාපිය භාරකාරිත්වය අහිමිව සිටින දරුවන් පුද්ගලික අරමුණු ඉටුකර ගැනීම සදහා යොදා ගැනීම සමබන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයාට පැමිණිලි කිරීමට පැමිණිලි පාර්ශවය එහි ගොස් ඇතත් ස්ථානාධිපතිවරයා පැමිණිල්ල බාරගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහු ජාතික ළමා රක්ෂන අධිකාරියට පැමිණිලිකර තිබේ.

දරුවන්ගෙන් කළ විමසීම් වලදි ඔවුන් පවසා තිබුණේ තමන් පාසල් අධ්‍යාපනය සදහා පාසලට පැමිණි අවස්ථාවේ විරෝධතාවයේ නිරතවු පිරිස තමන්ට පාසල තුළට නොයා විරෝධතාවයට එක්වන ලෙස බලපෑම් කළ බවයි.

නියෝජ්‍ය විදුහල්පතිනිය දෙමාපිය රැකවරණය නොමැති දරුවන්ට විශාල වශයෙන් ආදරය කරනා නිසා විරෝධතාව පිටුපසටවි සිටි බවත් දර්ශිකා එපා එපා කියද්දි තමන් හෙමිහිට දර්ශිකා ඕන ඕන යනුවෙන් පැවසු බව සිසුවා පැමිණිල්ලට පවසා තිබුණි.

සරණ ළමා නිවාසයේ පාලිකාවගෙන් අසරණ දරුවන් විරෝධතාවයේ යෙදවීම පිළිබදව පැමිණිලිකරු විමසිම් කර ඇති අතර තමන් දරුවන් විරෝධතාවක නිරතවූ බව නොදන්නා බවත් සිය අවසරයක් නොමැතිව දරුවන් යොදා ගැනීම වරදක් බවත් පාළිකාව පැමිණිලිකරුට පවසා තිබුණාය.

දෙමාපිය රැකවරණය නොමැති අසරණ දරුවන් අනාරක්ෂිත අන්දමින් විරෝධතාවයකට හවුල් කර ගැනීම සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත් වන ලෙස ඉල්ලමින් ඔහු ජාතික ළමාරක්ෂක අධිකාරියට පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

Related posts