බාලවයස්කාර සිසුවියන් බීර පානය කර අශෝභන ලෙස හැසිරෙයි

විහාරස්ථානයක පැවත්වු ටියුෂන් පන්තියකයට සහභාගිවු බාලවයස්කාර පාසල් සිසුවියන් තිදෙනෙකු පෙම්වතුන් රැගෙනවිත් දුන් බීර පානය කිරිමෙන් සූර්වි අශෝභන ලෙස හැසිරෙමින් සිටින බවට ලැබුණු තොරතුරු මත මැදවච්චිය පොලිසියේ ළමා හා කාන්තා නිලධාරි භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින්වු බැදුම්කරයක් මත මුදාහැරිමට අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු එන්.ටී.හේමන්ත පුෂ්පකුමාර මහතා නියෝග කලේය.

බාලවයස්කාර පාසල් සිසුවියන්ට පානය කිරීම සදහා බීර ගෙනවිත් දුන් බව කියන මැදවච්චිය නගරයේ පදිංචි ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් තිදෙනෙකුගේ පුතුන් තිදෙනා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනා ලෙස මැදවච්චිය පොලිසිය සිසුවියන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා නියෝග කලේය.

මැදවච්චිය පොලිස්ථානයේ ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරින්ට කිසියම් පුද්ගලයෙකු ලබාදුන් දුරකථන ඇමතුමකට අනුව මැදවච්චිය නගරයේ පිහිටි ප්‍රසිද්ධ රජයේ පාසලක ඉගෙනුම ලබන වයස අවුරුදු 15හා 16 පසුවන සිසුවියන් තිදෙනා බීර පානයකර සූර්වි සිටියදි ආරක්ෂාව සදහා පොලිස් බාරයට ගෙන තිබුණි.

සැකකාර පාසල් සිසුවියන් තිදෙනා පොලිස් බාරයට ගැනිමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත්කල මැදවච්චිය පොලිස්ථානයේ ළමා හා කාන්තා නඩු මෙහෙයුම් අංශය කියා සිටියේ ඉකුත්දා සිසුවියන් අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට අපේක්ෂාවෙන් සිටින නිසා නිවෙස් වලින් පන්ති එන බව පවසා මැදවච්චිය නගරයේ විහාරස්ථානයක පැවත්වු අමතර පන්තියකට සහභාගිවි පෙම්වතුන් ගෙනවිත්දුන් බීර පානයකර ඇති බවයි.

පාසල් වයසේ පසුවන සිසුවියන් තිදෙනාම මැදවච්චිය නගරයේ ව්‍යාපාරිකයන් තිදෙනෙකුගේ පුතුන් සමග පෙම්සබධතා පවත්වනා බවත් ඔවුන්  විහාරස්ථානයේ පැවති අමතර පන්තියට සහභාගිව සිටි සිසුවියන් තිදෙනාට මෝටර් රථයකින් පැමිණ බීර ටින් තුනක් ගෙනවිත්දී පානය කිරිමට උපදෙස්දී ඇති බවත් මැදවච්චිය පොලිසිය අධිකරණයට දැන්වුවේය.

බීර පානය කිරිම නිසා මත්වු සිසුවියන් සිහිමද ගතියෙන් විවිධ ක්‍රියාකාරකම්වල නිරතවන අයුරු දුටු නගරවාසියෙකු ඒ පිළිබදව පොලිස්ථානයට දැන්වු බවත් ඒ අනුව බාලවයස්කාරියන් ආරක්ෂාව සදහා පොලිස් බාරයට ගෙන මැදවච්චිය රෝහලේ අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත්කර වෛද්‍ය වාර්ථාවක් ලබාගත් අවස්ථාවේ ඔවුන් මත්පැන් පානයකර ඇති බවට තහවුරු කරමින් වාර්ථා නිකුත්වු බව පොලිසිය අධිකරණයට දැන්වූවේය.

සිසුවියන් තිදෙනාගේ මව්වරුන් අධිකරණයට කැදවිමෙන් පසුව සිසුවියන්ව රුපියල් ලක්ෂය බැගින්වු බැදුම්කරයක් මත මුදාහල විනිසුරුවරයා දෙමාපියන්ට හා සිසුවියන්ට තරයේ අවවාදකර තිබුණි.දරුවෝ පන්ති යනවා කියලා නිවෙස්වලින් පිටවෙලා ගිහිල්ලා මේවා තමයි කරන්නේ.

දෙමාපියන් දරුවන් ගැන මීට වඩා හුගක් අවධානයෙන් කටයුතු කරන්න ඕන.නැවත මේවගේ සිද්ධිවලට පොලිස් බාරයට පත්වෙලා අධිකරණයට ආවොත් නම් දඩුවම් ලිහිල් නෑ යනුවෙන් විනිසුරුවරයා සැකකාර සිසුවියන්ට හා මව්පියන්ට තරයේ අවවාදකර තිබුණි.

මුදාහල සිසුවියන්ගේ පරිවාස වාර්ථාවක් කැදවන ලෙස නියෝග කල විනිසුරුවරයා සැකකාර පෙම්වතුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කලේය.ඉදිරි නඩු විභාගය සදහා ලබන මස (06දා) මැදවච්චිය සංචාරක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිසුවියන්ට හා ඇපකරුවන්ට විනිසුරුවරයා නියෝග කලේය.

මැදවච්චිය පොලිස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අනුරා බණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි ළමා හා කාන්තා කාර් යංශයේ විමර් ශන සිදුකර තිබු අතර නඩු මෙහෙයුම් පොලිස් සැරයන් 7959 අශෝක ධර් මරත්න මහතා සිසුවියන් අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වුවේය.

මහේෂ් විජේසූරිය – අනුරාධපුර

Related posts