බිනර පොහොය නිමිත්තෙන් ගල්විහාර පුදබිමේ  පිංකම්

බිනර මස පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් පොලොන්නරුව ඓතිහාසික ගල්විහාර පුදබිමේ  අද(01) උදෑසන සිට උවසු උවැසියන් සිල් සමාදන් කරවීම ඇතුළු ආගමික වතාවත් ‍රැසක් සිදු විය.

උදෑසනම තිසරණ සහිත අශ්ඨාංග උපෝසත සීලය සමාදන් වූ උවසු උවැසියන්ට ධර්මානුශාසනාව සිදු කළේ වයස අවුරුදු 11ක් පමණ වන ඓතිහාසික ගල්විහාරවාසි සඳමඩුල්ලේ සුදත්ත හිමියන් විසිනි.

පොලොන්නරුව ඓතිහාසික ගල්විහාරය හා පොලොන්නරුව සොළොස්මස්ථානාධිපති අස්ගිරිපාර්ශවයේ අනුනායක වේඩරුවේ ශ්‍රී උපාලි නාහිමිගේ අවවාද අනුශාසනා මත බිනර පොහෝදා ආගමික වැඩසටහන් සංවිධානය කෙරිණ.

එස්.එම්.බණ්ඩාර මුදියන්සේ – පොලොන්නරුව

Related posts