බිමත් රියදුරන් 16 දෙනකු අත් අඩංගුවට

හැටන් පොලිසිය මගින් බිමත් රියදුරන් අත් අඩංගුවට ගැනිමේ මෙහෙයුම් ආරම්භ කර ඇති අතර එම මෙහෙයුම් තුලින් 24වන දින සිට 27වන දින දක්වා කාලය තුලදි බිමත් රියදුරන් 16 දෙනකු අත් අඩංගුවට ගෙන ඇත.

මේ පිලිබවද කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් මුලස්ථාන පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියකු පවසන ලද්දේ බිමත් රියදුරන් අත් අඩංගුවට ගැනිම සදහා විශේෂ මෙහෙයුම් ආරම්භ කිරිමට පියවර ගෙන ඇති බවත්ය.

බිමත්ව රිය පැවිම් තුලින් විවිධ රථ වාහන අනතුරු ඇතිවමේ අවදානමක් පවතින බවත් එම තත්වයන් මත බිමත්ව රිය පැදවිමෙන් එම රථවල රියදුරන්, රම රථවල ගමන් කරන පිරිස් මෙන්ම පදිකයන්ගේද ජිවිත අවදානකට ලක්වන බැවින් මෙසේ බිමත් රියදුරන් අත් අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව අධිකරණයේ නඩු පැවරිමට පියවර ගන්නා බවත්ය.

එසේ කරන ලද වැටලිම්වලින් පසුගිය 24 සිට 27 දක්වා බිමත් රියදුරන් 16 දෙනකු අත් අඩංගුවට ගෙන අධිකරනයට ඉදිරිපත් කිරිමට පියවර ගෙන ඇති බවත් හැටන් ජේශ්ඨ පොලිස් අධිකාරි විජිතද අල්විස් මහතාගේ උපදෙස් හා හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක එස්. කේ. පලිපාන මහතාගේ මෙහෙය විම් මත බිමත් රියදුරන් අත් අඩංගුවට ගැනිමේ මෙහෙයුම් දිගින් දිගටම සිදුකරන බවද ඔහු තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

 

Related posts

Leave a Comment