බූස්ස බන්ධනාගාරයේත් වදහිංසා – නීතිඥ සේනක පෙරේරා කියයි

බූස්ස බන්ධනාගාරයේ මේ වන විට පවතින්නේ ඉතාම අයහපත් තත්ත්වයක් බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති, නීතිඥ සේනක පෙරේරා මහතා පවසයි.

එහි රැඳවියන්ට සිදු කෙරෙන වදහිංසා සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු ලැබෙමින් ඇති බවත් එසේ නම් තවදුරටත් සිරකරුවන් මනුෂ්‍යයෝය කියා බන්ධනාගර වල ගසා තැබීමෙන් ඵලක් නොවන බවද හෙතෙම කියා සිටියි.

එය යථාර්ථයක් කිරිමට නම් අප ඔවුන් මනුෂ්‍යයෝය කියන තැන සිට වැඩ කළ යුතුව ඇතැයිද ඒ මහතා කියයි.

සිරකරුවන්ට සැලකීම පිලිබඳ ජාත්‍යන්තර ප්‍රඥ්ඥප්තියට අප අත්සන් තබා ඇති බවත් එවන් පසුබිමක සිරකරුවන්ට අවම තත්ත්වයන් ලබා දි සැලකිය යුතුව ඇතැයිද ඔහු කියයි.

ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේය.

ශානි

Related posts