බොරදියේ මාළු බෑමට සූදානම්ව සිටින ගුරු සංගමයක්

අනුරාධපුර කලාපයේ ගුරුමාරු සිදුකිරිමේදි අක්‍රමවත් ආකාරයෙන් සිදුවු බව කියමින් වර්ථමාන දේශපාලනය සමග බොරදියේ මාළු බෑමට සූදානම්ව සිටින ගුරු සංගමයක් පසුගියදා සිදුකර තිබු අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් හා සුදුසුකම් ඇති නිලධාරින් තනතුරු වලින් ඉවත්කර පසුගිය සමයේ දූෂිතව කටයුතු සිදුකල අධ්‍යාපන නිලධාරින් නැවත පුටුවලට ගෙන ඒමේ කුමන්ත්‍රණකාරි වැඩ පිළිවල සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම්වත් කිරිමට ලංකා ගුරු සංගමයේ මධ්‍ය විධායක සභාව තීරණය කල බව ලංකා ගුරුසංගමයේ සභාපති එස්.ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේය.

පසුගිය ජනවාරි මස හා පෙබරවාරි මස සිදුකල අතිරික්ත ගුරුමැරුව ගුරු සංගම් නියෝජිතයන් අධ්‍යාපන බලධාරින් ඇතුළු සියළුම දෙනාගේ සහභාගිත්වයෙන් සිදුකෙරුණත් එම කටයුත්තට අවාරයට සහභාගිවු ගුරු සංගමයක් ආණ්ඩුකාරවරයා විසින් එම අවිධිමත් ගුරුමාරු අත්හිටවු බව කියමින් අමනෝඥ ප්‍රකාශ නිකුත් කිරිම විහිළුවකට බදුන්වි ඇති බව සභාපතිවරයා පැවසුවේය.

ඒ සම්බන්ධයෙන් අදහස් පලකල ලංකා ගුරු සංගමයේ සභාපති එස්.ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා.ආණ්ඩුකාරතුමන් එම ගුරුමාරු අත්හිටුවිමට උපදෙස් දුන්නා නම් ඒ සම්බන්ධව ලිඛිතව අධ්‍යාපන බලධාරින් දැනුම්වත් කරන්න ඕන.ඒ වගේම ආණ්ඩුකාරවරයා වෙනම මණ්ඩලයක් හදාගෙන ඒ වගේ වැඩක් කරනවා නම් ඒක කුමන්ත්‍රණකාරි කටයුත්තක්.අපි ඒ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාශය රාජපක්ෂ මහතාව දැනුම්වත් කිරිමට පියවර ගන්න මධ්‍ය විධායක සභාව තීරණය කරා.

හිටපු ආණ්ඩුකාර මහාචාර්ය තිස්ස විතාරණ මහත්තයා තමයි පසුගිය සමයේ කිවුවේ ඉතා විධිමත්ව අතිරික්ථ ගුරුවරුන් ගුරු හිගය පවතින ප්‍රදේශවලට තුලනය කරන්න කියලා.එහිදි කිසිම නිලධාරියෙකුට අවශ්‍ය විදියට ගුරුවරුන් තුලනය කිරිම සිදුවුනේ නෑ.

සියළුම ගුරුසංගම් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් කලාප කොට්ඨාශ අධ්‍යක්ෂවරුන් ඇතුළු නිලධාරින්ගේ එකගතාවන් මත තමයි මේ කටයුත්ත සිදුකෙරුණේ.

අනුරාධපුර නගරයේ ඉන්න අතිරික්ත ගුරුවරුන් දෙසීයක පමණ පිරිසෙන් 92ක පිරිසක් නාගරික අර්ධ නාගරික හා දුෂ්කර කියන පාසල් සදහා තුලනය කිරිම සිදුකරා.

එහිදි නිර්නායක හතරක් යටතේ කටයුතු කරා අසනීප හා වයස අවුරුදු 55 යන ගුරුවර ගුරුවරියන්ට ස්ථානමාරු ලබාදුන්නෙම නෑ.අනුරාධපුර නගරයට වෙලා කිසිදු සේවයක් කරන්න අකමැති සමහරුන් තමයි දැන් ඔය සංගමය අල්ලගෙන වැරදියි වැරදියි කියලා කියන්නේ.

එක බස් රථයෙන් පාසලට යන්න පුළුවන් විදියට තුලනය කරේ.දුෂ්කර සේවාවක් කරලාම නැති අයට ස්ථානමාරු දුන්නේ මේකක්ද ඒකේ වැරද්ද?

ගලෙන්බිදුනුවැව කැකිරිවා පොලොන්නරුව ඇතුළු අධ්‍යාපන කලාප මේ ප්‍රශ්න ඉතා හොදින් විසදාගෙන ගුරු අතිරික්ත තුලනය කරලා දරුවන් වෙනුවෙන් කටයුතු කරනවා.නමුත් මේ සංගමය කරන්නේ දූෂිතයන් නැවත ගෙනල්ලා අධ්‍යාපනය බිංදුවට ඇදලා දාන්න.

සමහර ගුරුවරු අවුරුදු හත අට එකම පාසලේ ඉන්නවා ඒ නිසා විශේෂ ක්‍රමවේදයකට උගන්වන විෂය අනුව ලකුණු ලබාදිම ඇතුළු ක්‍රම භාවිතා කරලා සියළුම දෙනාගේ කැමත්තට දීපු එක ආණ්ඩු මාරුවත් එක්ක දැන් වැරදියි.

මොන ආණ්ඩුව තිබ්බත් පළාතට නියම සේවාවක් කරන නිලධාරින් ඉන්න ඕන.දූෂිතයින් අක්‍රමිකතා වලට අසුවු විශාල පිරිසක් දැන් පුටු අහිමිවෙලා තැන්තැන් වල ඉන්නවා.දැන් දේශපාලන බලය යොදාගෙන ඒ අයට පුටුවලට ඇවිල්ලා යාන්තමින් උඩට ගෙනාපු අධ්‍යාපනය කඩා කප්පල් කරලා දාන්න තමයි මේ සංගමය ඇතුළු පිරිසකට අවශ්‍ය.

හිටපු ආණ්ඩුකාර මහාචාර්ය තිස්ස විතාන මහත්තයා මේවා හොයලා ගුරුවරු දුෂ්කර පාසල් වලට යවන්න යවන්න කියලා අත්සන් කරලා දීපු නිර්දේශ දැන් වැරදියි.පළාත ක්‍රමාණුකූලව ගොඩනගපු අනුරාධපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය තමයි දැන් ඔය ගුරුසංගමට තියන ප්‍රශ්නය.

ඒකේ මහත්තරුන්ට කියනවා පහුගිය කාලයේ නැති ප්‍රශ්න ඇති කරලා දෙමාපියන් පාරට බස්සලා ගත්ත අහිංසක සතුට ගැනත් අපි දන්නවා.

හැමදාම ඒ අයට අවශ්‍ය ගුරු හිගය.එතකොට දෙමාපියන් පාරට බස්සලා සතුටු වෙන්න පුළුවන් නිසා.වැරදි නැති මිනිස්සු එලවන්න වැරදි තියෙන මිනිස්සු පුටුවලට ගේන්න ගන්න උත්සාහයන් වලට අපි නිහඩව ඉන්නේ නෑ.එහෙම උනොත් ඒවට උත්තර දෙන්නත් අපිත් සූදානම්.

අපි විතරක් නෙමෙයි තව සංගම් විශාල ප්‍රමාණයක් ඔය සංගමයේ වැඩගැන හොද අවධානයෙන් ඉන්නේ යනුවෙන් ලංකා ගුරු සංගමයේ සභාපති එස්.ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසුවේය.

අනුරාධපුර මහේෂ් විජේසූරිය

Related posts

Leave a Comment