මගේ කංසාමය ආදරය සරීරයත් එක්ක සුරුට්ටුකරණය වීම…

ත්රෛලෝක්ය විජයා පත්ර නැතිනම් කංසා නැතිනම් Cannabis sativa ගැන තවත් චූටි කතාවක්…
මේක රසකාරයකයක් පලා කොලයක් ඇයි මේක තහනම් වෙන්නේ? ඒ තහනමෙන් මොකද්ද වුණා කියන සෙතේ?
මගේ අතීත ජිවිතේ කොටසක් මැණික් පතල් එක්ක මාත්තු වෙලා තියෙන්නේ. ඒක ලස්සන මතකයක්. ලෑලි පොලතු වාඩි, හවස හයෙන් පස්සේ අදුරත් එක්ක ඒවා අස්සට එන බෝතල්. ඊට පස්සේ ඩොලක්කි සද්දෙත් එක්ක සංයෝග වෙලා එන වියෝග ගීත. කුණුහරුප ඇම්ඩනීය කතා අහුරු. ඊට පස්සේ ඌරගේ පිටේ මහසෝනා එන වෙලාවට කෙරෙන හොර තැබිලි කැඩීම්.
මේ මතකය සිනමාත්මක කරනවා. ඉතිං මේ පතල් ජිවිත අස්සේ කංසා නැතිනම් ගංජා වලට ලොකු ඉඩක් තිබුණා. ගගේ පතලේකනම් දිය යට සෙල්ලම් දාලා ආපු පතල් කම්කරුවෙක් කංසා සුරුට්ටුවකින් හදට යෑම සුලභයි.
පතල් ජිවිතේ කර්කශ ගතිය කාන්සිය වගේ දේවල් අහසට විසික්ක කරලා ඒ මිනිස්සුන්ට අහසේ පාවෙන්න ගුරුත්වය නැති අවකාශයක් හැදුවේ මේ කංසා. ගල් ගහලා ගල් පෙරළන්න යනකොට, කංසා ගහලා වාඩියේ මැස්ස උඩ ඕමියක් බැලීම හත්වාසියක් ගැහීම නැත්තන් තුන්සිය හතරකට සෙට් වීම තමයි පතල් කම්කරුවාගේ සවස ජීවිතය වුණේ.
තුන්ලෝක විජයා ගැන මේ මිනිස්සු ළග ලස්සන කතා සාහිත්යක් තිබුණා. සක්රයා පටලවපු කතාව තමයි මම ආසම කතාව. කංසා දුමාරය අස්සේ නිවුණු බවට මිසක් ආතුර වුන ප්රචණ්ඩත්වයකට ඉඩ තිබුණේ නෑ. හරි මේක නිකං කසකාර වීර්පුවිකාවක් විතරයි. ඉතින් මගේ කන්සාමය ආදරය මගේ සරිරයත් එක්ක සුරුට්ටුකරණය වෙන්නේ මෙහෙම.
ඇත්තේම්ම අපි පුංචි කාලෙම මේ විදිහට බැදුනේ කංසා දුමත් එක්ක. හැබැයි ඊට සියවස් ගානකට කලින් ඉදලා අපේ මුතුන්මිත්තෝ කංසා එක්ක බැදුනා. ඔවුන්ට මේක තවත් සාකයක් කොළයක් පලාවක් විතරයි. පහළ වෙල්ලස්සේ මිනිස්සු දඩමස් රසකරන්න කරපිංචා කොළ වගේ මේක පාවිච්චි කළා.
මේක ගෝන මස මෙලෙක් කරන්න මරු කියලයි ඔවුන් කියන්නේ. කුමන මහකැලේ පාමුල හේන් කරන අපේ මිතුරෝ දඩමස් වලට කංසා දාන විදිය දැක්කහම පපුව පත්තුවෙන්නේ හෝස් ගාලා. ඒ මේක දුමකට හරවගන්න බැරිවෙන දුකට. පරිප්පුවකට උනත් කංසා කොළ ටිකක් එක්කරපුවහම ඒක මරු.
කංසා කොළ මල් කෙවෙනි අබරලා කෝපි එක්ක කිරිත් පදමට දාලා බිව්වහම තුන් ලෝකේ නෙවෙයි ඊටත් එහාට තවුතිසාවටම දකින්න පුළුවන්.. ඊළගට සලාදයක් නැතිනම් සම්බෝලයක් විදිහටත් මේක පාවිච්චි කළා.
කව්පි මෑකරල් වගේ අතට අහුවෙන හැමදෙයක්ම වගේ එකතුකරලා හදන සුමියුරු හේන් හොද්දටත් මේක අතීතයේ එකතුවුණා.
ඊළගට කොළ අවුවේ වේලලා කරකරලා තේ එක්ක මිශ්ර කරලා බිව්වා. කංසා එක්ක මිශ්ර වෙලා තිබුණු වෙල්ලස්සේ ඒ අහාර සංස්කෘතිය අදත් කලාතුරකින් තැනක දකින්න පුළුවන්. හැබැයි මේ හැමදෙයක්ම අද මිනිස්සුන්ට කරන්න වෙලා තියෙන්නේ හොරෙන්. ඒ මේ තහනම නිසා. එනිසා කංසා එක්ක බැදුණු ආහාර සංස්කෘතිය වලපල්ලට ගියා.
ඒ විදිහට මේක අපේ දුපතේ නතරවුණාට ලෝකයේ බොහෝ රටවල් කංසා ආහාරයක් විදිහට නොයෙකුත් ආහාර සැකසුම් ක්රම හරහා ආහාරයට ගන්නවා.
ඒ ආහාර සංස්කෘතිය අද සෑහෙන්න දියුණු ඉමකට ගිහිං. අපි ගෙම්බෝ වගේ කංසා විෂයි කංසා විෂයි කියලා මතුර මතුර ඉන්නවා. හැබැයි අපි කට ඇරියොත් කන්නේ ඊට වැඩිය විෂම තමයි.
ඉතිං ලෝකයේ දියුණු බොහෝ රටවල් මේ වෙනකොට කංසා වලට තමන්ගේ රටවල් විවුර්ත කරලා. ඒ මේ ගසේ හැම කොටසකම තිබෙන ගුණය හින්දා. හැබැයි අපි තවම කොරැහේ කිඹුල්ලු දකිනවා. කංසා නීති ගතකරමු කිව්වහම අම්මෝ කියලා කක්කා බරකින් තමයි කතාකරන්නේ.
ඉතිං මේ අහුඅස්සේ මේ දුපතේ 420 ගැන දැන් සංවාදයක් පටන් අරගෙන. ඒක මරු. කංසා මේ කොදෙව්වට නැවත විවුර්ත කරගැනීමට කවුරුහරි මොකක් හරි අරගලයක් කරනවානම් මට හිතෙන්නේ ඒකත් ප්රජාතන්ත්රීය ලස්සන රටක් හදාගන්න අපි කරන මේ අරගලයේම කොටසක් කියලා..
සමලිංගික අයිතීන් වගේ දේවල් ගැන වගේම මේ මත්වීමේ අයිතිය ඉල්ලා ගැනීම ගැන අරගලයත් මේ මොහොතේ වැදගත්. අනික මේ ගුණවත් ගහ අහාරයට එකතුකරගන්න ඉඩ දෙන්න කියන එකත් වැදගත්.
ඉතිං 4යි 20ට සෙට් වුණොත් අපි හැවෝටම පුළුවන් හදට යන්න. හදට ගිහිං හදේ කංසා වවන්න. ඒගැන කතා කරන්න

Related posts