මර්වින්ගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ප්‍රධාන ගෝලයා අල්ලයි

arrest search
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන රත්මලානේ මර්වින් චානා නැමැති පුද්ගලයා විසින් මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ප්‍රධාන ගෝලයෙකු වන වත්තෙ අචල නැමැති අනවර්ථ නාමයෙන් පෙනී සිටින පුද්ගලයෙකු හෙරොයින් ග්‍රෑම් 04යි මිලි ග්‍රෑම් 400ක් සමග බොරලැස්ගමුව, බෝධිරාජපුර ප්‍රදේශයේ දී නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
අත්අඩංගුවට පත් වූ සැකකරු ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිහිප දෙනෙකුගේම ප්‍රධාන ගෝලයෙකු වශයෙන් සේවය කරමින් හෙරොයින් මත්ද්‍රව්‍ය බෙදාහැරීම හා සඟවා තබා ගැනීම මෙන්ම විකිණීම සිදුකර ඇති බවත් මූලික පරීක්ෂණවලදී අනාවරණය වූ බව ද පොලීසිය පැවසීය.
අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ද සැකකරු හෙරොයින්  මත්ද්‍රව්‍ය තවත් පුද්ගලයකුට ලබා දීමට යමින් සිටි බවත් අත්අඩංගුවට ගත් හෙරොයින් මත්ද්‍රව්‍ය වන වටිනාකම රුපියල් ලක්ෂ හතරකට ආසන්න බවත්  මීට පෙර හෙරොයින් මත් කුඩු ග්‍රෑම් 500ක් සමග අත්අඩංගුවට පත්වීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට මීට මාස එකහමාරකට පමණ පෙර ඇප මත නිදහස්ව පැමිණ සිටින අයෙක් බවත් එලෙස පැමිණ නැවතත් එම ක්‍රියාවේම යෙදී සිටියදී අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ නුගේගොඩ කොට්ඨාස බාර භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නුවන් අසංක නුගේගොඩ කොට්ඨාස දිසා දූෂණ මර්දන මර්දන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හේවගේ යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජන ශාන්ත කහටදෙනිය උපදෙස් හා මෙහෙයවීම මත  පොලිස් සැරයන් 54478 වසන්ත, 41127 රුවන්, 66480 ඉන්දික, පොලිස් කොස්තාපල් 71854 ලියනගේ, 12002 අබේධීර යන නිලධාරින් විසින් සිදුකරනු ලබයි
සමීර  අබේසිංහ – බොරලැස්ගමුව

Related posts