මහනුවරින් රත්නපුරෙන් ආසාදිතයන් හමුවේ

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙක් ලෙස කටයුතු කරන මහනුවර කුණ්ඩසාලේ ප්‍රදේශයේ පදිංචි යුද හමුදා මේජර්වරයෙකුට ද කොවිඩ් නයින්ටීන් රෝගය වැළදී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පවසයි.

අදාළ නිලධාරියාගේ බිරිඳ කුණ්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලයේ සේවය කරන අතර ඇය ඇතුළු ආශ්‍රිතයින් නිරෝධායනය සඳහා යොමුකර ඇති බව වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා සඳහන් කළේය.

රත්නපුර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත වූ පුද්ගලයන් තුන් දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඔවුන් තිදෙනාම කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සේවයේ යෙදී සිටී යුද හමුදාවේ නිලධාරීන් තුන් දෙනෙකි.

ඉදිරියේදී ඇතැම් ප්‍රදේශවල තවත් ආසදිතයන් කිහිප දෙනෙකු හමු වීමට හැකියාව ඇති බවත් වහා කඩිනම් ප‍්‍රතිචාර දැක්වීම සදහා බුද්ධි අංශ පැය 24 පුරා ස්ථානගත කර ඇතැයිද යුද හමුදාපතිවරයා කියා සිටී.

පවතින තත්වය යටතේ කන්දකාඩු පොකුර සම්පූර්ණයෙන්ම පාලනයට යටත් කර අවසන් නිසා රට වසා දැමීමේ කිසිදු අවශ්‍යතාවක් නැති බව ද ඔහු සඳහන් කළේ ය.

 

Related posts

Leave a Comment