මහනුවර තවත් අනතුරක් අතලඟ

මස්කෙළිය බ්‍රවුන්ලෝ වතුයායේ පවතින රූස්ස ගස් කඩා වැටිමේ අවදානමක් හේතුවෙන් එම වතුයායේ පවුල් 50ක් පමන දැඩි බියකට පත්ව ඇත.

ටර්පන්ටයින් වර්ගයට අයත් රූස්ස ගස් කඩා වැටිමේ අවදානමක් පවතින බවත් එම තත්වයන් මත තමන් මේ වන විට දැඩි බියකට පත්ව ඇති බවත් එම වතුයායේ පිරිසක් පවසති.

මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ මෙම වතුයායේ තම නිවාස අසල පවතින මෙම රුස්ස ගස් කඩා වැටිමේ අවදානමක් පවතින බවත් එම තත්වයන් මත දැනට වසර හතරක පමන කාලයක සිටම මෙම ගස් ඉවත් කරන ලෙසට අවස්ථා කිපයකදිම අදාල බලධාරින්ගෙන් ඉල්ලා සිටියද මේ වන තෙක් එම ගස් ඉවත් කිරිමට කිසිදු පියවර ගෙන නොමැති බවත්ය.

තම ජිවිතවලට මෙන්ම තම නිවාස වලටද අවදාම් තත්වයේ පවතින මෙම ගස් සුලං පවතින විට ඇබෙරෙන අකාරය දකින විටත් දැඩි බියක් පවතින බවත් එම තත්වයන් මත වැසි හා සුලං පවතින දිනවල තම දරුවන්ද සමග ඥති නිවාස වෙත යාමට තමන්ට සිදුව ඇති බවද ඔවුන් පවසති.

මෙම ගස් කඩා වැටි තම ජිවිතවලට මෙන්ම තම නිවාසවල හානි සිදුවන තෙක් මෙම ගස් කපා ඉවත් කිරිමට අදාල බලධාරින් බලා සිටින්නේද යන්න විමසිය යුතු බවත් මේ පිලිබදව අවදානය යොමු කර තම ජිවිත බිලිගැනිමට පෙර මෙම ගස් ඉවත් කර දිමට පියවර ගන්නා ලෙස අදාල බලධාරින්ගෙන් ඉල්ලා සිටින බවද ඔවුන් වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts

Leave a Comment