මාධ්‍යයේ වගකීම ජනතාවට නිවැරදි තොරතුරු ලබාදීමයි

ප්‍රවෘත්තියක් ඔස්සේ ජනතාවට නිවැරදි තොරතුරු ලබාදීම මාධ්‍යයේ වගකීම බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ පැවති උත්සවයකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව යටතේ ක්‍රියාත්මක රජයේ නිළ පුවත් කෙටි පණිවුඩ සේවාව යළි සක්‍රීය කිරීම ජන මාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා.

නිල පුවත් කෙටි පණිවුඩ සේවාව ජනගත කිරීම අමාත්‍යවරයා අතින් සිදුවූ අතර ජන මාධ්‍ය අමාත්‍යංශ ලේකම් ජගත් පී. විජේවීර රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කළුවැව ඇතුළු මහත්වරුන් පිරිසක් ඊට එක්ව සිටියා.

Related posts