මානව හිමිකම් නැතිව දැන් බිස්නසුත් බෑ

busnis

පසුගිය මාර්තු 23 දින ජිනිවා මානව හිමිකම් කොමිසමේ 46 වන සැසියට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාව වැඩි ඡන්ද 11කින් ජයග්‍රහණය කිරීම වත්මන් රජය පත්වීමෙන් පසුව ජාත්‍යන්තර වශයෙන් ලැබූ සැලකිය යුතු පරාජයක් ලෙස නම් කළ හැක. මෙම යෝජනාවට පක්ෂව ජන්ද 22ක් ලැබුන අතර, රටවල් 11ක් විරුද්ධ විය.

රටවල් 14 ක් ජන්දය දීමෙන් වැලකි සිටියේය. අපගේ අසල්වැසි මිතුරු රාජ්‍යයන් වන ඉන්දියාව හා ජපානය මෙවර ඡන්දය දීමෙන් වැලකී සිටීම විශේෂයෙන් අවධානයට ගත යුතුය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ මෙම යෝජනාවලියේ කරැණු 16ක් අඩංගුවන අතර, ඒය ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමේ A/HRC/46/L1 යෝජනාවලිය ලෙස සදහන් වේ. දේදුනු සංවාද විසින් ඒම යෝජනා 16 සිංහලට පරිවර්තනය කර ඇති අතර ඒය මේ ලිපිය අවසානයේ සදහන් වේ.

මෙම යෝජනාවලියට අනුව ඒක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරියට ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධව වාර්තා 3ක් ඒක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. ඒහි පළමු වාර්තාව 2021 සැප්තැම්බර් මාසයේ දී ද, දෙවැනි හා තෙවැනි වාර්තාවන් 2022 වර්ෂයේ දී ද මහකොමසාරිස්වරිය විසින්ඉදිරිපත් කළ යුතුය. මෙම වාර්තා සැකසීම සදහා ඇයට 10 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් ලැබී තිබෙන අතර, ඒ සදහා අවශ්‍ය මුල්‍ය ප්‍රථිපාදන ද වෙන් වී තිබේ.

මෙම යෝජනා සම්මතවීමෙන් පසුව ශ්‍රී ලංකා රජය විසින් මෙම යෝජනාවේ සදහන් කරුණු 16 ඔස්සේ සිදුකරනු ලබන ක්‍රියාමාර්ගයන් හි ප්‍රගතිය වාර්තා කළ යුතුය. ඒමෙන්ම, ඉහත වාර්තා 3 සැකසීමේ දී ශ්‍රී ලංකා රජය විසින් මහකොමසාරිස්වරියට සහයෝගය ද ලබා දිය යුතුය.

මෙම යෝජනා සම්මතය හේතුවෙන් ශ්‍රී ලංකාව නැවතත් යම් කිසි අවධානම් කළාපයකට වැටී තිබේ. මෙහි දී වත්මන් රජය විශේෂයෙන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය, සංහිදියාව ගොඩනැගීම හා වගවීම සම්බන්ධව අවශ්‍ය පියවර ගෙන බුද්ධිමත්ව කටයුතු නොකලහොත් තවත් අභියෝග රාශියකට ඉදිරියේ දී මුහුණ දීමට නියමිතව ඇත.

මෙම අභියෝගයන් අතරින් මේ මොහොතේ වැඩි අවධානයක් යොමු කළ යුතුවන්නේ GSP ප්ලස් බදු සහනය (Generalised Scheme of Preferences) හා යුරෝපීය මත්ස්‍ය අපනය ගිවිසුම තව දුරටත් ආරක්ෂා කර ගැනීම සම්බන්ධවය. මෙම GSP+ බදු සහනය හෝ මත්ස්‍ය අපනය ගිවිසුම් පිළිබදව බොහෝ දෙනෙකුට ඒතරම් අවබෝධයක් නැතත් මේ හේතුවෙන් අප රටේ අපනයන ක්ෂේත්‍රයේ නියුතු සැලකිය යුතු පිරිසකට විශාල සහනයක් ලැබී තිබේ. රටට විදේශ විනිමය උපයා දෙන ප්‍රධාන මාර්ග බවටද ඒවා පත්ව තිබේ.

GSP+ බදු සහන නිසා ලංකාවෙන් යුරෝපා සංගමයේ රටවල් 27ක් වෙත යවනු ලබන විවිධ අපනයන භාණ්ඩ 7200 ක් සදහා 12.5% බදු සහනයක් ලැබී තිබේ. මේ නිසා අපගේ අපනයනකරුවන්ට ජාත්‍යන්තර වෙළද පොලේ සැලකිය යුතු තරගයක් ලබා දීමට හැකි වී තිබීම නිසා ශ්‍රී ලංකීය නිෂ්පාදනයන් සදහා යුරෝපීය වෙලද පොළ තුළ විශාල අවකාශයක් නිර්මාණය කර ගෙන තිබේ.

2019 වසරේ දී අපගේ අපනයනයන්ගෙන් 30%ක් ප්‍රමාණයක් යුරෝපා සංගමයේ රටවල් වෙත යොමු කර ඇති අතර, මෙරට නිෂ්පාදනය කෙරෙන ඇගලුම් නිශ්පාදනයන්ගෙන් 60%කට වැඩි ප්‍රමාණයක් අපනයනය කර තිබෙන්නේ ද යුරෝපා සංගමයේ රටවලට බවයි වාර්තා වන්නෙ. මෙම සහනය ලංකාවට ලැබීම නිසා වැඩිම විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගැනීමට යූරෝපීය වෙළද පොළ හරහා හැකියාව ලැබී තිබේ.

මෙම GSP+ බදු සහනය මුලින්ම ශ්‍රී ලංකාවට හිමිවූයේ 2005 වසරේ දීය. නමුත්, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය ඉතාම දුර්වල වීම නිසා ඊට වසර පහකට පසුව ඒනම්, 2010 වසරේ දී ඒම සහනය නැවත ලබාදීම යුරෝපා සංගමය විසින් අත්හිටුවා තිබුනි.

තෝරාගත් රටවල් කිහිපයක් වෙත පමණක් ප්‍රධානය කෙරෙන මෙම GSP+ බදු සහනය ලබා ගැනීමට නම් ඒම රට විසින් ඒහි මානව හිමිකම් ආරක්ෂා කිරීමත් ප්‍රවර්ධනය කිරීම සදහා ගිවිසුමකට පැමිණිය යුතුය. මෙහි දී ශ්‍රී ලංකා රජය අත්සන් කළ තිබු ඒක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සම්මුතීන් 3කට අනුකූලව කටයුතු කිරීමට ගිවිසුමකට ඒළඹ තිබුනි.

ඒම ජාත්‍යන්තර සම්මුතීන් වුයේ ඒක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබදව ජාත්‍යන්තර සම්මුතිය (ICCPR), ළමා අයිතීන් ආරක්ෂා කිරීමේ සම්මුතිය (UNCRC) හා කෲර හා අමානුෂික පහරදීම් හා සැලකීම්වලට ඒරෙහි වදහිංසාවෙන් ආරක්ෂාවීමේ ජාත්‍යන්තර සම්මුතිය (UNCAT) යන ඒක්සත් ජාතීන්ගේ සම්මූතීන්ය.

මහින්ද රාජපක්ෂ රාජ්‍ය පාලන සමය තුළ ඉහත සම්මූතීන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වීම නිර්ක්ෂණය කළ යුරෝපා සංගමය 2010 වසරේ දී මෙම බදු සහනය ශ්‍රී ලංකාවට ලබාදීම අත්හිටුවන ලදී. මේ අතර, යුරෝපීය සංගමය වෙත මත්ස්‍ය අපනයන සදහා තිබූ ගිවිසුමද අහෝසි විය. 2015 වසරේ දී බලයට පැමිණි යහපාලන රජය මෙම සහනය නැවත ඉල්ලා සිටිමින් ඉහත සම්මුතීන්ට අනුකූලව කටයුතු කිරීම පැමිණි ඒකගත්වය මත අවුරැදු දෙකක නිරීක්ෂණ කාල පරිඡේදයකින් පසුව 2017 වසරේ දී GSP+ බදු සහනය නැවත ලබා ගැනීමටත්, මත්ස්‍ය අපනයන ගිවිසුම නැවත අලුත් කිරීමට හැකියාව ලැබුනි.

මේ වන විට මෙම GSP+ බදු සහනය 2023 දක්වා හිමි වී තිබේ. නමුත් ජිනිවා හි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වූ යෝජනාවන්ට අනුව GSP+ හිමිවීමට අදාලව ඉහත සම්මුතීන් 3ට අමතරව ශ්‍රී ලංකවේ සංහිඳියාව, වගවීම සම්බන්ධව ද දැඩි නිරීක්ෂණයකට භාජනය වනු නොඅනුමානය.

ඒම නිසා යුරෝපය, ඒංගලන්තය හා ඇමරිකාවත්, අසල්වැසි ඉන්දියාව හා ජපානය නැවතත් මිතුරු කරගනිමින්, මානව හිමිකම් සුරක්ෂිත කරමින්, සංහිදියාව හා වගවීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාමට කටයුතු කිරීම හැර වෙනත් මාවතක් ශ්‍රී ලංකාවට තිබේ ද යන්න ගැටලුවකි.

ඒමෙන්ම, මින් ඉදිරියට රජය මෙන්ම ව්‍යාපාරික ක්ෂේත්‍රයත්, කම්කරු හෝ පරිසර නීතීන්ට අමතරව, මානව හිමිකම් ඇතුලු අනෙකුත් අයිතිවාසිකම් වෙනුවෙනුවෙනුත්, ශ්‍රී ලංකාවේ සංහිදියාව හා වගවීම පිළිබදවත් මීට වඩා  අවධානයකින් කටයුතු කළ යුතුව තිබේ. ඒමෙන්ම, අනාගතයේ ඇති වන බොහෝ වෙළද ගිවිසුම් ඉහත කරුණු පදනම් කරගනිමින් නිර්මාණය වීමට බොහෝ ඉක කඩ තිබේ.

ඒක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය 2021 මාර්තු 23 වන දින ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමේ යෝජනාවලිය – A/HRC/46/L1

  1. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා විසින් හතළිස් තුන්වන සැසිවාරයේදී මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කරන ලද වාචික යාවත්කාලීන කිරීම සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව එහි හතලිස් හයවන සැසියේ දී සභාවට ඉදිරිපත් කරනු ලැබීම සාදරයෙන් පිළිගනී.;
  2. එසේම මහ කොමසාරිස් කාර්යාලය හා මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ ක්‍රියා පටිපාටීන් සමඟ ශ්‍රී ලංකා රජයේ කටයුතු කිරීම සාදරයෙන් පිළිගන්නා අතර, එම ගනුදෙනුව අඛණ්ඩව පවත්වා ගන්නා ලෙස උනන්දු කෙරේ, එසේම එම කාර්යාලය විසින් ලබා දුන් නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමට සහ විශේෂ ක්‍රියා පටිපාටි මගින් කරනු ලබන නිර්දේශයන්ට නිසි සැලකිල්ලක් දැක්වීමට ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.
  3. අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය සහ වන්දි ගෙවීමේ කාර්යාලය ලබා ඇති ප්‍රගතිය පිළිගන්නා අතර, ඒවායේ ස්වාධීන හා ඵලදායී ක්‍රියාකාරිත්වය ආරක්ෂා කිරීම, කාර්යාල දෙකටම තමන්ගේ බලතල ඵලදායී ලෙස ඉටු කිරීම සඳහා ප්‍රමාණවත් සම්පත් හා තාක්ෂණික ක්‍රමවේදයන් ලබා දීම, පීඩාවට පත්, අවදානමට ලක් වූ පවුල් සඳහා, ස්ත්‍රී පුරුෂ සමාජභාව කාරණා ගැන මූලික අවධානයක් ද යොමු කරමින්, අතරමැදි සහන ලබාදීමේ කටයුතු ඉදිරියට ගෙනයාම සහ අතුරුදහන් වූවන්ගේ පවුල්වලට අතුරුදහන් වූ අයගේ ඉරණම සහ ඒ අය සිටින ස්ථාන දැන ගැනීමට හැකිවන පරිදි බලහත්කාරයෙන් අතුරුදහන් වූ අවස්ථා බොහොමයක් විසඳීම සඳහා අදාළ ආයතනවලට අවශ්‍ය සහාය තවදුරටත් ලබා දීමේ වැදගත්කම අවධාරණය කරයි,
  4. මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාවේ මතු කර ඇති පරිදි, ශ්‍රී ලංකාවේ එල්ටීටීඊ සංවිධානය විසින් සිදුකරන ලද අපයෝජනයන් ද ඇතුළුව සියලු පාර්ශවයන් විසින් ශ්‍රී ලංකාව තුළ සිදුකරන ලද සියලුම මානව හිමිකම් උල්ලංඝනයන් සහ කඩකිරීම් සම්බන්ධයෙන් පුළුල් වගවීමේ ක්‍රියාවලියක වැදගත්කම අවධාරණය කරයි.;
  5. 2021 ජනවාරි 22 වන දින ප්‍රකාශයට පත් කරන ලද දේශීය විමර්ශන කොමිෂන් සභාවට ස්වාධීනත්වයක් නොමැති බවත්, එහි කාර්යභාරය වන්නේ පෙර කොමිෂන් සභා සහ කමිටු පිළිබඳ වාර්තා සමාලෝචනය කිරීම බවත්, අතීත උල්ලංඝනයන් සම්බන්ධයෙන් වගවීම සඳහා කාර්යභාරයක් එයට ඇතුළත් නොවන බවත්, මානව හිමිකම් හෝ ජාත්‍යන්තර මානුෂීය නීතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වගවීම ගැන සොයා බැලීමට එයට කාර්යභාරයක් භාර කර නොමැති බවත් සඳහන් කරයි.
  6. වගවීම ඉදිරියට ගෙන යාමේ අරමුණින් ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අපයෝජනය කිරීම් හා ඒවාට සම්බන්ධ අපරාධවල සාක්ෂි ආරක්ෂා කිරීමේ හා විශ්ලේෂණය කිරීමේ වැදගත්කම හඳුනාගෙන ඇති අතර, ශ්‍රී ලංකාවේ බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හෝ ජාත්‍යන්තර මානුෂීය නීතියේ බරපතල ලෙස කඩකිරීම් ගැන සාක්ෂි සහ තොරතුරු එකතු කිරීම, ඒකාබද්ධ කිරීම, විශ්ලේෂණය කිරීම සහ සංරක්ෂණය කිරීම සහ, නිසි අධිකරණ බලය සහිත සාමාජික රටවල් තුළ ඇතුළුව, සුදුසුකම් ලත් විනිශ්චය මණ්ඩල ඉදිරියේ වින්දිතයින් සහ දිවි ගලවා ගත් අය වෙනුවෙන් පෙනී සිටීම සහ අදාළ අධිකරණ හා වෙනත් කටයුතු සඳහා සහාය වීම සඳහා අනාගත වගවීමේ ක්‍රියාවලීන් සඳහා හැකි උපාය මාර්ග සංවර්ධනය කිරීමට උද්දේශනය කිරීම සම්බන්ධයෙන් මහ කොමසාරිස් කාර්යාලයේ ධාරිතාව ශක්තිමත් කිරීමට තීරණය කෙරේ;
  7. පසුගිය වසර තුළ මතුවෙමින් පවතින ප්‍රවණතා පිළිබඳව බරපතල කනස්සල්ල පළ කරන අතර, රජයේ සිවිල් ක්‍රියාකාරකම් වේගවත්ව මිලිටරිකරණය කිරීම ඇතුළුව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිරිහෙන තත්වයක් ගැන පැහැදිලි පූර්ව අනතුරු ඇඟවීමේ සලකුණක් පෙන්නුම් කරයි; මානව හිමිකම් ප්‍රවර්ධනය හා ආරක්ෂා කිරීම සඳහා වගකිව යුතු අධිකරණයේ සහ ප්‍රධාන ආයතනවල ස්වාධීනත්වය පිරිහී යාම; අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනයන්වල වගවීමට සම්බන්ධ වන “ප්‍රධාන නඩු (emblematic cases)” වලදී අඛණ්ඩව පවතින දණ්ඩමුක්තිය සහ ඒවාට සිදු කරන දේශපාලන බාධා කිරීම්; ආගමට හෝ ඇදහීම්වල නිදහසට ඇති අයිතියට අහිතකර ලෙස බලපාන ප්‍රතිපත්ති; දෙමළ හා මුස්ලිම් ප්‍රජාවන්ට අයත් පුද්ගලයින් කොන් කිරීම වැඩි වීම; සිවිල් සමාජය ගැන නිතර නිරීක්ෂණය, තොරතුරු සෙවීම හා බිය ගැන්වීම; ජනමාධ්‍ය නිදහස සීමා කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය හැකිලීම; ස්මාරක විනාශ කිරීම ඇතුළුව යුද්ධයට ගොදුරු වූවන් ප්‍රසිද්ධියේ අනුස්මරණය කිරීම සඳහා පැනවූ සීමාවන්; අත්තනෝමතික රැඳවුම්; වධහිංසා පැමිණවීම සහ වෙනත් කුරිරු, අමානුෂික පහත් සැලකීම් හෝ දඬුවම් සහ ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයන් මේ තුළට අඩංගු වේ. මෙම ප්‍රවණතා විසින් මෑත වසරවල ලබා ඇති සීමිත නමුත් වැදගත් වෙනස්කම් ආපසු හැරවීමට තර්ජනය කරන අතර, අතීතයේ සිදු වු බරපතල උල්ලංඝනයන්ට තුඩු දුන් ප්‍රතිපත්ති හා භාවිතයන් නැවත සිදු වීමේ අවදානමක් ඇති බවත් මේවායින් පෙන්නුම් කරයි;
  8. කොරෝනා වෛරස් රෝග (COVID-19) වසංගතයට ප්‍රතිචාර දැක්වීමේදී ආගමේ හෝ ඇදහිලිවල නිදහසට බලපෑමක් ඇති කර ඇති අතර මුස්ලිම් ප්‍රජාවට එරෙහිව පවතින ආන්තිකකරණය සහ වෙනස් කොට සැලකීම උග්‍ර කරමින්, COVID-19 වලින් මියගිය අය ආදාහනය කර, මුස්ලිම්වරුන්ට සහ වෙනත් ආගම්වල සාමාජිකයින් තමන්ගේම සුසාන ආගමික වත්පිළිවෙත් අනුගමනය කිරීමෙන් වළක්වා ඇති අතර, මෙම තත්වය ආගමික සුළුතරයන්ට අසමාන ලෙස බලපා ඇති අතර, ඔවුන් පීඩාවන්ට හා ආතතීන්ට ලක් කිරීම උත්සන්න කර තිබීම ගැන තවදුරටත් සැලකිල්ල යොමු කරයි.
  9. කඩිනම්, සවිස්තරාත්මක හා අපක්ෂපාතී පරීක්ෂණයක් සහතික කරන ලෙස ද, අවශ්‍ය නම්, චෝදනා එල්ල වී ඇති මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා ජාත්‍යන්තර මානුෂීය නීතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීම්, දීර්ඝ කාලයක් තිස්සේ ඇසෙන ප්‍රධාන නඩු ඇතුළුව ඒවාට සම්බන්ඡ සියලු අපරාධ සම්බන්ධයෙන් නඩු පැවරීම සිදු කරන ලෙස ද ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී;
  10. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය සහ වන්දි ගෙවීමේ කාර්යාලය ස්ථාපිත කර ඇති පරිදි ඔවුන්ගේ අදාළ කාර්ය භාරයන් ඉටු කිරීමට සහ ඒවායේ නිදහස් සහ ඵලදායී පැවැත්ම තහවුරු කිරීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.
  11. මානව හිමිකම් ආරක්ෂා කරන්නන් ඇතුළු සිවිල් සමාජ ක්‍රියාකාරීන් ආරක්ෂා කරන ලෙසත්, ඕනෑම ප්‍රහාරයක් විමර්ශනය කරන ලෙසත්, සිවිල් සමාජයට බාධා, සෝදිසි, අනාරක්‍ෂිතභාවය සහ පලිගැනීමේ තර්ජනවලින් තොරව ක්‍රියාත්මක විය හැකි ආරක්ෂිත හා සක්‍රීය පරිසරයක් සහතික කරන ලෙසත් ශ්‍රී ලංකා රජයෙන් තවදුරටත් ඉල්ලා සිටී.
  12. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කරන ලෙසත්, ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට අදාළ ඕනෑම නීතියක් රාජ්‍යයේ ජාත්‍යන්තර මානව හිමිකම් සහ මානුෂීය නීති බැඳීම්වලට අනුකූල වන බවට සහතික වන ලෙසත් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී;
  13. සියලුම ආගමික ප්‍රජාවන්ට තමන්ගේ ආගම ප්‍රකාශ කිරීමට සහ විවෘතව සහ සමාන තැනක සිට දායකත්වය ලබා දීමට ඇති හැකියාව ප්‍රවර්ධනය කිරීමෙන් ආගමට හෝ විශ්වාසයට හා බහුත්වවාදයට ඇති නිදහස පෝෂණය කරන ලෙසත්, ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.
  14. කලින් ඉදිරිපත් වූ නොවිසඳුනු ඉල්ලීම්වලට නිල වශයෙන් ප්‍රතිචාර දැක්වීම ඇතුළුව මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ ක්‍රියා පටිපාටි සමඟ අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජය දිරිමත් කරයි.
  15. ඉහත සඳහන් පියවරයන් ක්‍රියාවට නැංවීම සඳහා ශ්‍රී ලංකා රජයේ එකඟතාවය සමග, උපදෙස් ලබා දීමට, සහ තාක්ෂණික සහාය ලබා දීමට මහ කොමසාරිස් කාර්යාලය සහ අදාළ විශේෂ ක්‍රියා පටිපාටිය දරන්නන් දිරිමත් කෙරේ;
  16. සංහිඳියාව හා වගවීමේ ප්‍රගතිය ඇතුළුව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ, මහ කොමසාරිස් කාර්යාලයට සිය අධීක්ෂණ හා වාර්තාකරණ කටයුතු වැඩි දියුණු කරන ලෙසත්, මානව හිමිකම් කවුන්සිලයේ හතළිස් අටවන සැසියේදී ඒ ගැන වාචික යාවත්කාලීන කිරීමක් ඉදිරිපත් කරන ලෙසත්, එහි හතළිස් නවවන සැසියේදී ලිඛිත යාවත්කාලීන කිරීමක් සහ එහි පනස් එක් වැනි සැසියේදී වගවීම ගැන වැඩකටයුතු ඉදිරියට ගෙනයාම සඳහා වැඩිදුර විකල්ප ඇතුළත් පුළුල් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත්,මේ දෙකරුණම අන්තර්ක්‍රියාකාරී සංවාදයක සන්දර්භය තුළ සාකච්ඡා කළ යුතු බවත් ඉල්ලා සිටී.

උපුටා ගැනීම  – දේදුනු සංවාද

Related posts