මැතිවරණයක් යනු දුෂ්කරක් ක්‍රියාවක් – මෛත්‍රි

මැතිවරණයක් යනු දුෂ්කරක් ක්‍රියාවක් බවත් මේ ජයග්‍රහණය කරා යාමට ඒ දුෂ්කර ක්‍රියාව කළ සියලු දෙනාට ස්තුති වන බවත් දැන් ඇත්තේ නව රජය යටතේ සමෘද්ධිමත් ආර්ථිකයක් කරා ගෙන යාම බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

අතිවිශිෂ්ඨ ජයග්‍රහණයක් මා වෙත ලබා දීම පිලිබඳ පොලොන්නරුව ජනතාව වෙත මා පළමුව ස්තුතිය පළ කර සිටින අතර මැතිවරණ කොමිසමේ පොලොන්නරුව තේරීම්භාර නිලධාරීන්, සහකාර මැතිවරණ කොමසාරිස්, කොළඹ සිට පැමිණි නිලධාරින්, සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ ඇතුලු මාධ්‍ය ආයතන වෙත මගේ ස්තුතිය පුද කර සිටින බවද ඔහු පවසයි.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්විමේදි ප්‍රධාන වශයෙන්ම අපේක්ෂකයෝ, ආධාරකරුවෝ ක්‍රියා කළ ආකාරයත්, ඊට නීතිය හා සාමය රැකීමට පොලිසිය කටයුතු කළ ආකාරයත් ප්‍රසංශනිය බවත් මේ මැතිවරණයේදි සමහර තැන්වල බරපතල ගැටුම්, ශාරිරික වධහිංසා කරනවා දුටු බවත් නමුත් පොලොන්නරු දිස්ත්‍රික්කයේ එවැනි කිසිදු දෙයක් සිදු නොවිම විශේෂත්වයක් බවද ඒක අපේක්ෂකයින් සියලු දෙනා අතර තිබු වගකීමක් බවද ඔහු සඳහන් කර සිටියි.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ආසන 5න් 4ක් ම පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් හිමිකරගෙන ඇත.මනාප ලේඛනය පහත දැක්වේ.

තේරී පත් වූ මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

01.මෛත්‍රීපාල සිරිසේන             -111137

02.රොෂාන් රණසිංහ      –  90615

03.සිරිපාල ගමලත්                     -67917

04.අමරකීර්ති අතුකෝරල          -45939

තේරීපත් නොවූ අපේක්ෂකයන්ගේ මනාප

05.ජගත් සමරවික්‍රම                    -38338

06.පේශල ජයරත්න බණ්ඩාර    -29800

07.ජී.ජී.චන්ද්‍රසේන                     -25057

08.ජයසිංහ බණ්ඩා                     -7613

තේරී පත් වූ මන්ත්‍රීවරුන් සමගි ජනබලවේගය

01.කිංස් කුමාර නෙල්සන්                 -22392

තේරීපත් නොවූ අපේක්ෂකයින්ගේ මනාප

02.සිඩ්නි ජයරත්න                              -19499

03.සාවුල් හමීඩ් මොහම්මදු අන්සාර්  -13166

04.සුජීව ලලන්ත හේරත්                    -12863

05.ඩොනල්ඩ් මහ මඩකලපුගේ         -8820

06.චන්ද්‍රසිරි සූරි ආරච්චි                     -8340

07.ජනක සමරසිංහ                            -7211

08.ක්‍රිශාන්ත් දර්ශන මලවිගේ         – 2281

 

ශානිකා

ප්‍රියන්ත බණ්ඩාර

ඊසා මුදියන්සේ පොලොන්නරුව

Related posts